Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දින නියම කිරීම තායිලන්තයේදී

දින නියම කිරීම තායිලන්තයේදී

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේදී ලබන මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබූ XIII වැනි සාග් ක්‍රීඩා උළෙලට නව දින යොදා ගැනීම සඳහා තායිලන්තයේ බැංකොක් නුවරදී ලබන මාර්තු මස 3 වැනිදා විශේෂ හමුවක් පැවැත්වේ. මෙම ක්‍රීඩා උළෙල මාර්තු මස 9 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණ ද මේ වන විට දින නියමක් නොමැතිව කල්දමා තිබේ.  

අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වන්නේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට දින වෙන්කරගැනීම බව වාර්තා වේ.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්ට අමතරව ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්, සහකාර ලේකම්, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා සහභාගි වීමට නියමිතය.

ක්‍රීඩා 27 ක් ඇතුළත් මෙම ක්‍රීඩා උළෙල නේපාලයේ ප්‍රධාන නගර දෙකකදී පැවැත්වීමට සැළසුම්කර තිබේ.   

 


අදහස් (0)

දින නියම කිරීම තායිලන්තයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.