දිනුක වලල මැදි විදුහලට ජය ගෙනෙයි
නුගවෙල මධ්‍ය විද්‍යාලය සහ වලල ඒ.රත්නායක මධ්‍ය විද්‍යාලය අතර මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැති 16 වැනි වාර්ෂික මහ ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජයගැනීමට වලල ඒ.රත්නායක මධ්‍ය විද්‍යාලය ඊයේ (28 වැනිදා) සමත්විය. මෙම තරගය දින දෙකේ තරගයක් වුවද පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ පළමු දිනයේදීම තරගය අවසන් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නුගවෙල මධ්‍ය විද්‍යාලීය පළමු ඉනිම ලකුණු 54 කට සීමාකිරීමට දිනුක සරත්චන්ද්‍ර සහ කාවින්ද රත්නායක සමත්වූහ. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ දිනුක සරත්චන්ද්‍ර ලකුණු 13 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර කාවින්ද රත්නායක ලකුණු 20 කට කඩුලු 3 ක් දවාගනිමින් ඔහුට සහයවිය.
පිළිතුරු ඉනිම ඇරඹූ වලල ඒ.රත්නායක මධ්‍ය විද්‍යාලයට සියලුදෙනා දැවී පළමු ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 109 ක් පමණී. කෙසේවෙතත් නුගවෙල මධ්‍ය විද්‍යාලය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 55 ක් ඉදිරියෙන් සිටීමට වලල මධ්‍ය විද්‍යාලය සමත්විය.
ලකුණු 32 ක් රැස්කළ සුපුන් අබේරත්න වලල මධ්‍ය විද්‍යාලය වෙනුවෙනු වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර බණ්ඩාර ඒකනායක කඩුලු 4 ක්ද ජයතිස්ස හපුගොඩ සහ නිම්සර වික්‍රමසිංහ කඩුලු 2 බැගින් දවාගනිමින් නුගවෙල මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ලකුණු 55 ක් පසුපසින් සිටි සිය දෙවැනි ඉනිම ඇරඹූ නුගවෙල මධ්‍ය විද්‍යාලයට එවර රැස්කිරීමට හැකිවූයේ ලකුණු 64 ක් පමණි. බණ්ඩාර උඩලගම ලකුණු 26 ක් රැස්කරමින් නුගවෙල මධ්‍ය විද්‍යාලයට වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.
විරාජ් සංජීව ලකුණු 14 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර දිනුක සරත්චන්ද්‍ර පළමු ඉනිමේදී ලබාගත් කඩුලු 7 ත් සමගින් ලකුණු 41 කට කඩුලු 11 ක් දවාගනිමින් වලල මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 10 ක ඉලක්කයක් හඹාගිය වලල මධ්‍ය විද්‍යාලය කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
නුගවෙල මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 22.2 කදී සියලුදෙනා දැවී ලකුණු 54
(දිනුක සරත්චන්ද්‍ර 13/7, කාවින්ද රත්නායක 20/3)
වලල මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 25.4 කදී සියලුදෙනා දැවී ලකුණු 109
(සුපුන් අබේරත්න 32, බණ්ඩාර ඒකනායක 29/4, ජයතිස්ස හපුගොඩ 22/2, නිම්සර වික්‍රමසිංහ 24/2)
නුගවෙල මධ්‍ය විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 25.4 කදී සියලුදෙනා දැවී ලකුණු 64
(බණ්ඩාර උඩලගම 26, විරාජ් සංජීව 14/5, දිනුක සරත්චන්ද්‍ර 28/4)
වලල මධ්‍ය විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 3.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 13