Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිනෙත් ජයකොඩිගේ (116) පිතිහරඹයත් දුනිත් වෙල්ලාලගේගේ (22/7) පන්දු යැවීමත් හමුවේ අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය අද (9 වැනිදා) සමත්විය.
කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට ශාන්ත ජෝසප් විද්‍යාලය සමත්විය.
දිනෙත් ජයකොඩි (116) ශතකයක්ද ලක්ෂාන් ගමගේ (79) සහ ජොහාන් ද සිල්වා (59) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර දුනිත් වෙල්ලාලගේ (62) අර්ධ ශතකයක් සහ ලකුණු 22 කට කඩුලු 7 ක් දවාගනිමින් තුන් ඉරියව් දස්කම් දැක්වීය. ජොහින් ද සිල්වා ලකුණු 18 කට කඩුලු 3 ක් දවාගනිමින් දුනිත්ට අනගි සහයක් ලබාදුන්නේය.
ශාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු 433 ට පිළිතුරු ලෙස ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 85 ක් පමණි.
කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර අවසන් මහ තරගය මේ මස 11 සහ 12 දෙදින කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ශා.ජෝසප් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 107.5 කදී සියලුදෙනා දැවී ලකුණු 433
(දිනෙත් ජයකොඩි 116, ලක්ෂාන් ගමගේ 79, දුනිත් වෙල්ලාලගේ 62, ජොහාන් ද සිල්වා 59, යෙසිත් රූපසිංහ 26, දිනාල් අනුරාධ 26, අෂීන් ඩැනියල් නොදැවී 22, විනුජ රණසිංහ 118/4, ප්‍රවීන් කුරේ 42/2, නුවනිඳු ප්‍රනාන්දු 78/2)
ශා.සෙබස්තියන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 34.4 කදී සියලුදෙනා දැවී ලකුණු 85
(දුනිත් ජයතුංග 28, ළහිරු ප්‍රනාන්දු 23, දුනිත් වෙල්ලාලගේ 22/7, ජොහින් ද සිල්වා 18/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.