Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දක්ෂතම ක්‍රීඩකයා අමිල, දක්ෂතම ක්‍රීඩිකාව එසඳි

දක්ෂතම ක්‍රීඩකයා අමිල, දක්ෂතම ක්‍රීඩිකාව එසඳි

ශානුක අරවින්ද - 2020 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයඹ පළාත් මේසපන්දු සංගමය සංවිධානය කළ වයඹ පළාත් මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කුරුණෑගල මලියදේව විදුහලේ අමිල උදාරද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ එසඳි ගමගේද සම්මාන දිනාගත්හ.

කුරුණෑගල මලියදේව විදුහලේ බිම්සර රත්නායක පරාජය කරමින් වයස 12 න් පහළ බාලක සහ වයස 15 න් පහළ බාලක ශූරතා දිනාගත් අමිල, ඉන් නොනැවතී විවෘත පිරිමි අනු ශූරතාවද හිමිකර ගනිමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් විය. විවෘත පිරිමි අවසන් මහ තරගයේදී ඔහු පරාජයට පත් වූයේ යුද හමුදාවේ දුලාර දුෂ්මන්ත හමුවේය.

එසඳි තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූයේ වයස වයස 15 න් පහළ බාලිකා සහ විවෘත කාන්තා යන ශූරතා ද්විත්වයම තමන් සතුකර ගනිමිනි. එම ඉසව් දෙකේම අවසන් මහ තරගවලදී කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ නඳුනි සූරියබණ්ඩාර පරාජය කිරීමට එසඳි සමත් වූවාය.  

කුරුණෑගල නගර සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා වයඹ පළාතේ පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වූහ.

 
බාලක තරග ප්‍රතිඵල

වයස 8 න් පහළ
නෙතූප මාරපන (කුරුණෑගල මලියදේව විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස පවිදු ප්‍රියදර්ශන (කුරුණෑගල මලියදේව විදුහල) පරාජය කරන ලදි. (11/02, 11/03)

වයස 10 න් පහළ
කෙමිර ගමගේ (කුරුණෑගල ශාන්ත ආනා විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස සොනාල් නවරත්න (කුරුණෑගල මලියදේව විදුහල) පරාජය කරන ලදි. (11/04, 08/11, 11/04)

වයස 12 න් පහළ
අමිල උදාර (කුරුණෑගල මලියදේව විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස බිම්සර රත්නායක (කුරුණෑගල මලියදේව විදුහල) පරාජය කරන ලදි. (11/07, 11/03)

වයස 15 න් පහළ
අමිල උදාර (කුරුණෑගල මලියදේව විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස බිම්සර රත්නායක (කුරුණෑගල මලියදේව විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/08)

වයස 18 න් පහළ
චේලක අතපත්තු (කුරුණෑගල මලියදේව විදුහල) විසින් තරග වට      ක් ලෙස ශ්‍රේණික හේරත් (කුරුණෑගල මලියදේව විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/05)


බාලිකා තරග ප්‍රතිඵල

වයස 8 න් පහළ
රුවින්දි තරුල්‍යා (කුරුණෑගල මලියදේව බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස සතිකා ඉමන්දි (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය) පරාජය කරන ලදි. (11/04, 11/01)
 
වයස 10 න් පහළ
මයුමි වීරපරාක්‍රම (කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-0 ක් ලෙස සිනාලි වන්නිනායක (කුරුණෑගල මලියදේව බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/04)

වයස 12 න් පහළ
මයුමි වීරපරාක්‍රම (කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-0 ක් ලෙස දහම්දි හේරත් (කුරුණෑගල මලියදේව බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/03, 12/10)

වයස 15 න් පහළ
එසඳි ගමගේ (කුරුණෑගල මලියදේව බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස නඳුනි සූරියබණ්ඩාර (කුරුණෑගල මලියදේව බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/06)

වයස 18 න් පහළ
දෙව්දිනී සුහර්ෂා (කුරුණෑගල මලියදේව බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස නඳුනි සූරියබණ්ඩාර (කුරුණෑගල මලියදේව බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/06)


විවෘත තරග ප්‍රතිඵල

විවෘත පිරිමි
දුලාර දුෂ්මන්ත (ශ්‍රී ලංකා යුද හමුදාව) විසින් තරග වට 3-0 ක් ලෙස අමිල උදාර (කුරුණෑගල මලියදේව විදුහල) පරාජය කරන ලදි. (11/02, 11/09, 11/05)

විවෘත කාන්තා
එසඳි ගමගේ (කුරුණෑගල මලියදේව බාලිකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස නඳුනි සූරියබණ්ඩාර (කුරුණෑගල මලියදේව බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/04, 11/06, 11/03)

 


අදහස් (0)

දක්ෂතම ක්‍රීඩකයා අමිල, දක්ෂතම ක්‍රීඩිකාව එසඳි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.