Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු ආසියානු කරාටේ සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ වත්මන් සභාපති සිසිර කුමාර මහතා තේරී පත්ව සිටියි. ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවති එහි නිලවරණයේදී ඡන්ද විමසුමට සහභාගි වූ රටවල් හතෙන් හතරක මනාපය ලබා ගනිමින් ඔහු දකුණු ආසියානු කරාටේ සම්මේලනයේ මුල් පුටුවට පත්විය.
පාකිස්තානය, බංග්ලාදේශය, භූතානය යන රටවල්, ශ්‍රී ලංකාව සමග එක්ව සිසිර කුමාර මහතාට එහිදී මනාපය පළ කළේය. ඔහු සමග තරගවැදුණු හිටපු සභාපති භාරත් ෂර්මාට එහිදී ලබාගත හැකිවූයේ තමන් නියෝජනය කරන ඉන්දියාවේ මනාපය පමණි.
‘සූම්’ තාක්ෂණය ඔස්සේ නිලවරණයට සමගාමීව පැවැති මහ සමුළුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් කරාටේ දෝ සම්මේලනයේ සභාපති සිසිර කුමාර, ලේකම් කීර්ති කුමාර හා ජාතික කරාටේ විනිසුරු කමිටුවේ සභාපති ආර්.ජේ. ඇලෙක්සැන්ඩර් යන මහත්වරු සහභාගි වූහ.
දකුණු ආසියානු කරාටේ සම්මේලනයේ නව සභාපති සිසිර කුමාර මහතා ජාතික කරාටේ තරගාවලියේ සමස්ත (පිරිමි) ශූරතාව දිනාගත් හිටපු කරාටේ ශූරයෙකි. වසර 2013 දී ජාතික කරාටේ පුහුණුකරු ධුරයේද ඔහු කටයුතු කර තිබේ.
මීට පෙර ඔහු දකුණු ආසියානු සම්මේලනයේ උප සභාපති ධුරයක්ද දරා තිබේ. නව පත්වීමෙන් පසුව ඔහු පැවසුවේ මීළඟ (2022) දකුණු ආසියානු කරාටේ ශූරතා තරගාවලියේ සත්කාරය ශ්‍රී ලංකාව ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.