Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙනිය එම්. සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය චෙස් ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දකුණු පළාත් අන්තර් පාසල් (බාලක/බාලිකා) කේවල චෙස් තරගාවලිය මේ මස 21 සහ 22 දෙදින ධර්මාශෝක විද්‍යාලයේදී පැවැත්වේ.
මෙම චෙස් තරගාවලියට සහභාගිවිය හැක්කේ දකුණු පළාතට අයත් ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක 3 ට අයත් පාසල්වල වයස අවුරුදු 7න් පහළ, 8න් පහළ, 9න් පහළ, 10න් පහළ, 12න් පහළ, 14න් පහළ සහ 14න් ඉහළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණි.
මෙම තරගාවලිය තරග වට 6 කින් සමන්විත වන අතර, දිනකට තරග වට තුන බැගින් දෙදින පුරා පැවැත්වීමට නියමිතය. මෙම තරග වට හයෙන් ලබාගන්නා ඉහළ ලකුණු අනුපිළිවෙළ අනුව ඒ ඒ වයස් කාණ්ඩවල ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් තෝරාගනු ලබන අතර ඔවුන්ට පදක්කම්, කුසලාන හා සහතිකපත් පිරිනමනු ලබයි.
තරගාවලිය පිළිබඳ වැඩි විස්තර ධර්මාශෝක විද්‍යාලයීය චෙස් ක්‍රීඩා භාර ආචාර්ය චමින්ද දිල්රුක් මහතා ඇමතීමෙන් (077-3038514/ 0714-396141) ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.