Last Update  :  2025-03-14 11:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දම්සෝ චෙස් අභියෝගය 31 - 01 අම්බලන්ගොඩදී

දම්සෝ චෙස් අභියෝගය 31 - 01 අම්බලන්ගොඩදී

editorial - 2024 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ආදි චෙස් ක්‍රීඩකයන්ගේ සංගමය දෙවැනි වරටත් සංවිධානය කරන ලබන ‘දම්සෝ චෙස් අභියෝගය‘ සදහා අයදුම්පත් අගෝස්තු මස 30 දක්වා භාර ගැනේ. මේ තරගාවලිය අගෝස්තු මස 31 සහ සැප්තැම්බර් මස 1 යන දෙදින අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේදී පැවැත්වේ.

අයැදුම්පත් dcchessclub@gmail.com යන ඊමේල් ලිපිනයට යොමු කළ හැකිය.

දකුණු පළාතේ පාසල්වල චෙස් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන මේ තරගාවලිය සදහා ඉදිකිරීම් හා නිපුණතා පුහුණු ජාත්‍යන්තර කාර්‍යාංශය පූර්ණ අනුග්‍රහය දක්වනු ලබයි.

තරගාවලිය වයස 6න් පහළ 7න් පහළ 8න් පහළ 9න් පහළ 11න් පහළ 13න් පහළ 15න් පහළ සහා 15න් ඉහළ බාලක බාලිකා වශයෙන් තරග ඉසව් අටක් යටතේ පැවැත්වේ.

තරගාවලිය තරග වට හයකින් සමන්විතය. එක් තරග වටයක කාලය විනාඩි 90 වකි. තරගාවලිය පැවැත්වෙන දෙදින දිනකට තරග වට තුන බැගින් තරග වට හය නිමාවට පත් කෙරේ. මේ තරග වට හයෙන් ලබා ගන්නා ලකුණු අනුපිළිවෙළ මත ඒ ඒ වයස් කාණ්ඩයේ බාලක සහ බාලිකා ශූරයන් සහ ශූරියන් තෝරාගනු ලැබේ. 

ප්‍රථම ,දෙවන සහ තෙවැනි ස්ථාන සදහා පිළිවෙළින් රන්, රිදී හා ලෝකඩ පදක්කම් සමග කුසලාන පිරිනමනු ලැබේ. තවද සිව් වැනි ස්ථානයේ සිට 20 වැනි ස්ථානය දක්වා කුසලතා සහතික පත්‍ර ප්‍රදානය කෙරේ.

තරගාවලිය සම්බන්ධයෙන් අවශ්‍ය වැඩි විස්තර අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ආදි චෙස් ක්‍රීඩක සගමයේ සභාපති එම්.සසිත් නිපුන් පියුමන්ත (0768-575933) හෝ ලේකම් සන්දීප ගයාශාන් (0721-994505) යන මහත්වරුන් අමතා ලබාගත හැකිය.


අදහස් (0)

දම්සෝ චෙස් අභියෝගය 31 - 01 අම්බලන්ගොඩදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.