Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දැල්පන්දු කණ්ඩායමේ ප්‍රශ්නයට අර්ජුන මැදිහත් වෙයි

දැල්පන්දු කණ්ඩායමේ ප්‍රශ්නයට අර්ජුන මැදිහත් වෙයි

editorial - 2022 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේශ කිරීමේ දී මතුව තිබෙන ගැටලු සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) විශේෂ සාකච්ඡාවක් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

එහිදී තිසාලා අල්ගම හා තිළිණි වත්තේගෙදර යන ක්‍රිඩිකාවන් දෙදෙනා සම්බන්ධයෙන් මතුව තිබෙන කරුණු කීපයක් සාකච්ඡා කෙරුණි.

ඊට ජාතික දැල්පන්දු තේරීම් කමිටුවේ සභාපතිනි දමයන්ති ජයතිලක, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා, ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති අර්ජුන් ප්‍රනාන්දු, ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ සභාපති වෛද්‍ය ලාල් ඒකනායක, ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකාවක වන මරීෂා ප්‍රනාන්දු හා ජාතික දැල්පන්දු පුහුණුකාරිනි හයිසින්ත් විජේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගිවී තිබේ.

සිංගප්පූරුවේ දී 12 වැනි ආසියානු දැල්පන්දු කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන සැප්තැම්බර් 4 සිට 11 වැනිදා දක්වාය. ඒ සඳහා ජාතික දැල්පන්දු තේරීම් කමිටුව  නිර්දේශ කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථා දෙකකදී සංශෝධනය කිරීමට සිදුවිය.

පළමුවෙන්  නිර්දේශ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි තිසාලා අල්ගම දෙවැනි තේරීම් සංශෝධනයේ දී අතිරේක ක්‍රීඩිකාවක වීම, දෙවැනි තේරීම් තරගාවලියක් කැඳවීමට මුල්වූ තිළිණි වත්තේගෙදර එහිදී අතිරේක ක්‍රීඩිකාවකගේ තත්ත්වයෙන් මිදී පළමු 12 දෙනා අතරට පැමිණීම, තේරීම් තරග සඳහා සහභාගි නොවූ  තර්ජනී ෂිවලිංගම් කණ්ඩායමට නිර්දේශ කිරීම සම්බන්ධයෙන් උද්ගතවූ ගැටලු ඊයේ සාකච්ඡාවට ලක් කෙරිණි.

කෙසේ වුවත් ආබාධ තත්ත්වයන් මත තිළිණි වත්තේගෙදරට ඊයේ වන විට 12 දෙනාගේ  කණ්ඩායමේ සිය ස්ථානය අවිනිශ්චිත තත්වයකට පත්ව තිබුණි.

ජාතික ක්‍රීඩා සබාව සමග ඊයේ සිදුකළ සාකච්ඡාවට අනුව ආසියානු තරග සංචාරයට රැගෙන යන ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක ක්‍රීඩකවන් ද ඇතුළුව ක්‍රීඩිකාවන් 15 දෙනකු දක්වා පුළුල් කිරීමට තීරණය වී තිබේ. ඒ අනුව තිසාලා අල්ගම, ලක්මාලි බණ්ඩාර හා අකිලා සංජි ද තරග සංචාරයට එක් වේ.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ඒ සඳහා ලැබී තිබෙන බව ද වාර්තා වේ. තිළිණි වත්තේගෙදර ගේ ස්ථානයට හාෂිණී ද සිල්වා කැඳවා තිබේ.


අදහස් (0)

දැල්පන්දු කණ්ඩායමේ ප්‍රශ්නයට අර්ජුන මැදිහත් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.