Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දැල්පන්දු දෙදින පුහුණු පාඨමාලාව 24 - 25

දැල්පන්දු දෙදින පුහුණු පාඨමාලාව 24 - 25

editorial - 2020 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය ජාතික ක්‍රීඩා විද්‍යායතනය සමග එක්ව දේශීය දැල්පන්දු පුහුණුකරුවන් සඳහා පළමු වරට මෙහෙයවන දෙදින පුහුණු පාඨමාලාව මෙම  24 සහ25 දෙදින ටොරින්ටන් පෙදෙසේ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ දී පැවැත්වේ. ඒ සඳහා සංවර්ධන සංචිත, අනුබද්ධ සංගම් හා පාසල් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අයත් දැල්පන්දු පුහුණුකරුවෝ කැඳවීම් ලබා සිටිති.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම 24 වැනිදා පෙරවරු 7.45ට පුහුණු පාඨමාලාව ආරම්භ කෙරේ.

ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ ජනරාල් සජිත් ජයලාල්, ජාතික වෛද්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරුන් වන ලාල් ඒකනායක, සමන්ත නානායක්කාර, ශ්‍රී ලංකා දැල්පන්දු විනිසුරුවන්ගේ හා ශ්‍රී ලංකා දැල්පන්දු ප්‍රවීණයන්ගේ යන සංගම්හි සභාපති ඔලිවියා ගමගේ, හිටපු ජාතික දැල්පන්දු පුහුණුකාරිනියන් වන හයිසින්ත් විජේසිංහ හා දීප්ති අල්විස් යන මහත්ම මහත්මීන් මෙම දෙදින පුරා මෙම පාඨමාලාව මෙහෙයවීමට නියමිතය.

 


අදහස් (0)

දැල්පන්දු දෙදින පුහුණු පාඨමාලාව 24 - 25

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.