Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දැල්පන්දු රාජිණියන්ට ඇමතිගෙන් කැඳවීමක්

දැල්පන්දු රාජිණියන්ට ඇමතිගෙන් කැඳවීමක්

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය සම්බන්ධයෙන් උද්ගතව තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා එහි ප්‍රධානීන් අනිද්දා (6) ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා හමුවට කැඳවා තිබේ. ඒ අනුව දෙපාර්ශ්වය අතර විශේෂ සාකච්ඡාවක් එදින පෙරවරු 10.00 ට ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා දැල්පන්දු සම්මේලනයේ අනුබද්ධ හා දිස්ත්‍රික් සංගම් ප්‍රධානීන් ද කැඳවා තිබේ.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ප්‍රධානීන් ඇතුළු එහි අනුබද්ධ සංගම් නියෝජිතවරියන් හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා අතර පසුගිය ජනවාරි 22 වැනිදා පැවැති හමුවක දී තීරණය වී තිබුණේ සම්මේලනයේ මහ සභා රැස්වීමක් ලබන ඉරිදා (10) පැවැත්වීමටය. ඒ දැනට අත්හිටුවා තිබෙන දැල්පන්දු සම්මේලනයේ නිලවරණය කැඳවීම සඳහා සැලසුම් පිළියෙළ කර ගැනීම සඳහාය.

කෙසේ වුවත් දැල්පන්දු සම්මේලනයේ නිල කාලය වසර හතරක් දක්වා පවත්වාගෙන යා හැකි දැයි මේ වන විට මත ගැටුමක් හටගෙන තිබේ. දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ටි්‍රක්ෂි නානායක්කාර මහත්මිය පැවසුවේ ක්‍රීඩා පනත අධ්‍යයනය කර නිලවරණය කැඳවීම ගැන අවසන් තීරණයක් ගන්නා බවයි. දැල්පන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුවත් දැල්පන්දු සම්මේලනයේ වත්මන් නිල කාලය සිව් වසරක් දක්වා පවත්වාගෙන යාමේ ප්‍රතිපාදන සලසා ඇතැයි ඇය එහිදී වැඩිදුරටත් පැවසුවාය.

කෙසේ වුවත් ඊට වෙනස් මතයක් දරන දැල්පන්දු ක්‍රීඩා ක්ෂේත්‍රයේම තවත් නිලධාරිනියන් පිරිසක් පවසන්නේ, දැල්පන්දු සම්මේලනයේ වත්මන් පාලනය දැනටත් කල් ඉක්මවා ගොස් ඇති බවත්, එහි නිලවරණය වහා කැඳවිය යුතු බවත්ය.

ටි්‍රක්ෂි නානායක්කාර මහත්මිය වැඩිදුරටත් පැවසුවේ, එම කාරණා නිවැරදි කර ගැනීමෙන් පසුව තමන් සම්මේලනයේ විධායක සභාව හා කවුන්සිලය සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

මේ වන විට දැල්පන්දු සම්මේලනය සිය අනුබද්ධ සංගම් වෙත ප්‍රශ්නාවලියක් යොමු කරමින් ලිපියක් යවා ඇතැයි ද වාර්තා වේ. ඒ කණ්ඩායම් හා ක්‍රීඩා සමාජ ගණන, වාර්ෂික රැස්වීම් හා වාර්ෂික තරගාවලි පැවැත්වීම හා පවත්වා ගෙන යන ගිණුම පිළිබඳව කරුණු විමසීමක් කරමිනි.

ජාතික ක්‍රීඩා පනතේ රෙගුලාසි විටින් විට සංශෝධනය කිරීම තුළ මේ වන විට ජාතික ක්‍රීඩා සංගම්හි නිල කාලය අර්ථ නිරූපණය සම්බන්ධයෙන් අපැහැදිලි තත්ත්වයක් මතුවී ඇතැයි ද වාර්තා වේ.

ඒ පිළිබඳව ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ මහතාගෙන් ‘ලංකාදීප’ය කළ විමසුමක දී ඒ මහතා පැවසුවේ නිලවරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ව්‍යවස්ථාව පිළිගැනීම තුළින් ජාතික ක්‍රීඩා සංගම් වළ ගැටලු රැසකට විසඳුම් ලැබෙන බවයි.  ක්‍රීඩා පනත තුළින් ද ජාතික ක්‍රීඩා සංගම්හි ව්‍යවස්ථාවට වැඩි බලතල ලබාදී ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

 


අදහස් (0)

දැල්පන්දු රාජිණියන්ට ඇමතිගෙන් කැඳවීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.