Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දැල්පන්දු ශුරියන්ට ක්‍රිකට් ආයතනයෙන් තෑගි

දැල්පන්දු ශුරියන්ට ක්‍රිකට් ආයතනයෙන් තෑගි

editorial - 2022 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ආසියානු දැල්පන්දු කුසලාන දිනූ ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 14 දෙනකු හා ප්‍රධාන පුහුණුකරු හා සහය පුහුණුකරු සඳහා රුපියල් මිලියන 32 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත්වීමෙන් ප්‍රදානය කර තිබේ.  ඒ කණ්ඩායමේ එක් ක්‍රීඩිකාවකට රුපියල් මිලියන දෙකක් බැගිනි. ප්‍රධාන පුහුණුකාරිණී හයිසින්ත් විජේසිංහ සහ සහය පුහුණුකාරිණි කුමාරි ගමගේ යන මහත්මීන්ටද එහිදී රුපියල් මිලියන දෙක බැගින් ප්‍රදානය කෙරැණි.
 
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය ලංකාදීපයට පැවසුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝලටයේ පැවැති ආසියානු කුසලාන දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් හා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම් පිළිගැනීම සඳහා පැවැති උත්සවයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මුදල් ප්‍රදානය කළ බවයි.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි.

සිංගප්පූරුවේදී නිමාවට පත්වූ 12 වැනි ආසියානු දැල්පන්දු කුසලාන තරගාවලිය අපරාජිතව ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. එහිදී අවසන් මහ තරගයේදී ලකුණු 63-53කින් සිංගප්පූරුව පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

නායිකා ගයාංජලී අමරවංශ, උපනායිකා දුලංගි වන්නිතිලක, තර්ජනී සිවලිංගම්, ගයනි දිසානායක, සේමිනි අල්විස්, චතුරංගනී ජයසූරිය, දීපිකා අබේකෝන්, හසිතා මෙන්ඩිස්, රජ්මි දිව්‍යංජලී පෙරේරා, ඉදුෂා පෙරේරා, මල්මී හෙට්ටිආරච්චි, භාෂිණි ද සිල්වා හැරෙන්නට සංචාරක ක්‍රීඩිකාවන් දෙදෙනකු ලෙස මෙම තරග සංචාරයට එක්ව සිටි තිසාලා අල්ගම හා ලක්මාලි බණ්ඩාර සඳහා ද මෙම මුදල් ප්‍රධානයන් සිදු කෙරිණි.


අදහස් (0)

දැල්පන්දු ශුරියන්ට ක්‍රිකට් ආයතනයෙන් තෑගි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.