Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ ගාල්ලේ මාදම්පා මධ්‍ය විද්‍යාලය අතර පැවැති තෙවැනි ‘සහෝදරයන්ගේ හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ලකුණු 149 කින් ජයගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය අද (9 වැනිදා) සමත්විය. රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 277 ක ඉලක්කයක් හඹාගිය මාදම්පා මධ්‍ය විද්‍යාලයට සිය දෙවැනි ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 127 ක් පමණි.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ පැතුම් මධුශංක ලකුණු 20 කට කඩුලු 6 ක් දවාගනිමින් මාදම්පා මැදි විදුහල් දෙවැනි ඉනිම සුනුවිසුනු කර දැම්මේය. පළමු ඉනිමේදී ලබාගත් කඩුලු 3 ක් සමගින් ලකුණු 54 කට කඩුලු 9 ක් දවාගැනීමට සමත් වූ පැතුම් මධුශංක සිය පාසල් කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් ද දස්කම් දක්වමින් මුල් ඉනිමේදී ශතකයක් ලබාගත්තේය.
දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් දේවපතිරාජ විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 51 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. ඒ වනවිට ඔවුන් මාදම්පා මධ්‍ය විද්‍යාලයට වඩා ලකුණු 276 ක් ඉදිරියෙන් සිටියේය.
පළමු දිනට තරගය නතර කරනවිට පන්දුවට පහරදෙමින් සිටි මාදම්පා මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම අද දින සියලුදෙනා දැවී සිය පළමු ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 163 ක් පමණි. ලකුණු 33 ක් රැස්කළ සුනෙත් මදුරංග මාදම්පා මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවාවූ අතර චමෝද් දිල්හාර ලකුණු 32 ක් සහ මල්ෂ තරුපති ලකුණු 27 ක් රැස්කිරීමට සමත්වූහ.
දේවපතිරාජ විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 71.2 කදී සියලුදෙනා දැවී 388
(පැතුම් මදුශංක 101, සසංක නිර්මාල් නොදැවී 96, සුධීර වීරරත්න 67, කල්ප චේතිය 63, කවිඳු විදුරංග 72/3, සුනෙත් මදුරංග 19/2, සසිඳු නිමේෂ් 66/2, මල්ෂ තරුපති 78/2)
මාදම්පා මධ්‍ය විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 57.3 කදී සියලුදෙනා දැවී 163
(සුනෙත් මදුරංග 33, චමෝද් දිල්හාර 32, මල්ෂ තරුපති 27, සුධීර වීරරත්න 12/3, තිසර දිල්ෂාන් 27/3, පැතුම් මදුශංක 34/3)
දේවපතිරාජ විද්‍යාලීය දෙවැනි ඉනිම - ඕවර 7.3 කදී කඩුල්ලක් දැවී 51
(සුධීර වීරරත්න නොදැවී 23, ජීවක ශෂීන් 21)
මාදම්පා මධ්‍ය විද්‍යාලීය දෙවැනි ඉනිම - ඕවර 46.2කදී සියලුදෙනා දැවී 127
(කවිඳු විදුරංග 32, පසිඳු නිමේෂ් 24, චමෝද් දිල්හාර 20, පැතුම් මදුශංක 20/6, ඉරුෂ්ක තිමිර 47/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.