Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මාපාල විද්‍යාලය අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 11 ක ජයක් ලැබීමට පන්නිපිටිය ධර්මාපාල විද්‍යාල සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 216 ක ඉලක්කයක් හඹා ගිය රාහුල විද්‍යාලයට පන්දුවාර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 204 ක් පමණි. එහිදී චමුදිත නිෂාන් ලකුණු 42 ක්ද, සසිඳු අවිශ්ක ලකුණු 41 ක්ද රැස්කළ නමුත් ඔවුන්ට රාහුල විදුහල ජයග්‍රහණය කරා රැගෙන යෑමට නොහැකි වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ධර්මපාල විද්‍යාලය ඕවර 50 තුළදී කඩුලු 9 ක් දැවී ලකුණු 215 ක් රැස් කිරීමට සමත් විය. එහිදී විහඟ ගුණරත්න අර්ධ ශතකයකින් (55) ධර්මපාල ඉනිම ශක්තිමත් කළ අතර අවිශ්ක හසරින්ද (36) හා මලිත් සඳකැළුම් (25) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.
තිමිර චන්දික සහ චමුදිත ඩිල්ෂාන් කඩුලු 3 බැගින් බිඳහෙළමින් රාහුල විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ධර්මපාල විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 215
(විහඟ ගුණරත්න 55, අවිශ්ක හසරින්ද 36, මලිත් සඳකැළුම් 25, තරිඳු සඳරුවන් 24, ලක්ෂිත පුරසිංහ 23, තිමිර චන්දික 32/3, චමුදිත ඩිල්ෂාන් 45/3, සසිත් මනුරංග 38/2)
රාහුල විද්‍යාලය ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 204
(චමුදිත නිෂාන් 42, සසිඳු අවිශ්ක 41, පහන් බණ්ඩාර 24, දුලාජ් එගොඩගෙ 32/3, තරිඳු සඳරුවන් 25/2)
ජය ලැබූ පන්නිපිටිය ධර්මාපාල විද්‍යාල කණ්ඩායම |
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.