Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බ‍්‍රසීලයේ පැවැත්වෙන රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න පිරිමි කේවළ ඉසව්වේ පළමු තරගයට සහභාගි වන්නේ චීනයේ ප‍්‍රබල ක‍්‍රීඩක චෙන් ලොන්ග් සමඟය. තරගාවලියේ ‘පී’ කාණ්ඩයේ මුලික වටයේ පැවැත්වෙන මෙම තරගය මේ මස 11 වැනිදා පැවැත්වීමට නියමිතය.
නිලූකගේ පළමු ප‍්‍රතිවාදියා වන චෙන් ලොන්ග්, වත්මන් ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ (පිරිමි) දෙවැනි ස්ථානයේ සිටින ප‍්‍රබලතම ක‍්‍රීඩකයෙකි. චෙන් ලොන්ග්, අවසන් වරට 2012 වසරේ පැවැති ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගත් ක‍්‍රීඩකයාද වේ.
රියෝ ඔලිම්පික් බැඞ්මින්ටන් තරගාවලියේ නිලූක, ‘පී’ කාණ්ඩයෙන් තවත් මුලික වටයේ තරග තුනකට සහභාගිවීමට නියමිතය. එහිදී ලෝක ශ්‍රේණිගත කිරීමේ 58 වැනි ස්ථානයේ පසුවන පෝලන්තයේ අද්රියන් දිසෙල්කෝ සමඟ මේ මස 15 වැනිදා ද, ලෝක ශ්‍රේණිගත කිරීමේ 49 වැනි ස්ථානයේ සිටින ගෝතමාලාවේ කෙවින් කොර්ඩන් සමඟ මෙම 13 වැනිදා ද නිලූක තරග වැදීමට නියමිතය.
ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී ලෝක ශ්‍රේණිගත කිරීමේ අටවැනි ස්ථානයේ සිටි ජපන් ක‍්‍රීඩකයා පරදවමින් පළමු ක‍්‍රීඩකයන් 16 දෙනා අතරට එක්වෙමින් නිලූක කැපී පෙනෙන දස්කම් දැක්වීය.
ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ පිරිමි කේවල ඉසව්වේ වරෙක 34 වැනි ස්ථානය සිටි නිලූක, දැන් එහි සිටින්නේ 93 වැනි ස්ථානයේය.
2012 ලන්ඩන් සහ 2008 බීජිං ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල දෙකේදීම බැඞ්මින්ටන් පිරිමි කේවල ඉසව්වේ රන් පදක්කම දිනාගත් චීනයේ ලින් ඩෑන් ලෝක ශ්‍රේණිගත කිරීමේ සිටින්නේ තෙවැනි ස්ථානයේය.
ලින් ඩෑන් ට එම ක‍්‍රීඩා උළෙල දෙකේදීම අභියෝගයක් වෙමින් රිදී පදක්කම දිනාගත් මැලේසියාවේ ලී චොන්ග් වේ වත්මන් ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසුවෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.