Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නඩාල් - ජෙකොවික් සිවුවැනි වටයට

නඩාල් - ජෙකොවික් සිවුවැනි වටයට

editorial - 2021 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ඉසව්වේ අවසන් ‍32 දෙදෙනා අතර ඉතිරිව සිටි බ්‍රිතාන්‍යෙය් කැමරන් නෝරි වට 3-0 ක ලෙස පරාජය කරමින් තරගාවලියේ සිවුවැනි වටයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත් විය. ඒ අනුව හෙට (7 වැනිදා) පැවැත්වෙන පෙර අර්ධ අවසන් පූර්ව තරගයේදී නඩාල්, ඉතාලියේ ජැනික් සිනිර්ට එරෙහිව තරග වැදීමට නියමිතය.

ලෝක‍ ශ්‍රේණිගත කිරීම් අතරේ 45 වැනි ස්ථානයේ රැදී සිටින 25 හැවිරිදි ‍නෝරිට එරෙහිව පැවැති තරගයේ වට 3 ම ලකුණු 6-3 බැගින් ජයගැනීමට ලෝක‍ ශ්‍රේණිගත කිරීම්හි ‍තෙවැනි ස්ථානයේ පසුවන 35 හැවිරිදි නඩාල් සමත් විය. පිට පිටම සිවුවරක් ප්‍රංශ විවෘත ශූරතාව දිනා සිටින නඩාල්, ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් (පිරිමි) ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කීමේ තනි අයිතිය තමන් සතු කරගැනීමේ අභිලාෂයෙන් මෙවර තරගාවලියට එක්ව සිටියි.

මේ අතර ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන සර්බියාවේ නොවැක් ජෙකොවික්ද ඊයේ පැවැති තෙවැනි වටයේ තරගයකදී ලිතුවේනියාවේ රිචඩ් බැරන්කිස්ට එරෙහිව වට 3-0 ක (6/1, 6/4, 6/1) ජයක් වාර්තා කරමින් සිවුවැනි වටයට සුදුසුකම් ලැබීය. සිවුවැනි වටයේදී ඔහු ඉතාලියේ ලොරෙන්සෝ මුසේටිට එරෙහිව තරග බිමට පිවිසීමට සූදානමින් සිටියි.

ඉකුත් වසරේ (2020) පැවැති ප්‍රංශ විවෘත තරගාවලියේ අවසන් මහ තරගයේදී ජෙකොවික් සහ නඩාල් එකි‍නෙකාට එරෙහිව තරග වැදුණ අතර එහිදී සිය 13 වැනි ප්‍රංශ විවෘත ශූරතාව මෙන්ම 20 වැනි ‍ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගැනීම සඳහා ජෙකොවික් පරාජය කිරීමට නඩාල් සමත් විය. එහෙත් මෙවර තරගාවලියේ තරග සැකැස්මට අනුව ඔවුන් දෙදෙනාම එකම කොටසක තරග වැදීම නිසා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත හැකි වන්නේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුට පමණි.

මේ වන විට 34 වැනි වියේ පසුවන ජෙකොවික් සිය දෙවැනි ප්‍රංශ විවෘත ශූරතාව මෙන්ම 19 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගැනීමේ අරමුණින් යුතුම මෙවර ප්‍රංශ විවෘත තරගාවලියට එක්ව සිටියි. කෙසේ වුවත් ඉකුත් මාසයේදී පැවැති ඉතාලි විවෘත තරගාවලියේ අවසන් මහ තරගයේදී ජෙකොවික් නැවත වරක් නඩාල් හමුවේ පරාජයට පත් විය.

-036


අදහස් (0)

නඩාල් - ජෙකොවික් සිවුවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.