Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නඩුමගට ගියේ නැතැයි මෙදොන්සා කියයි

නඩුමගට ගියේ නැතැයි මෙදොන්සා කියයි

editorial - 2024 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

"රවීන්ද්‍ර - මෙදොන්සා නඩු මගට"  යන මැයෙන් 2024 ජූලි 13 වැනිදා ලංකාදීප ක්‍රීඩා  පිටුවේ පළවූ  වාර්තාව  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කරන වී. ඒ. එස්.පී. මෙදොන්සා මහතා, අදාළ පුවත් පත් වාර්තාවට පාදක කර ගත් කරුණු සම්බන්ධයෙන් තමන් කිසිදු ප්‍රකාශයක් හෝ අදහස් දැක්වීමක් නොකළ බව පවසයි.

පුවත් පතේ පළවූ ප්‍රකාශය අසත්‍යයක් වන බැවින් තමා බලවත් ලෙස දුෂ්කරතාවකට පත්වූ බවත්, ඒ පිළිබදව  ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ කොමසාරිස්වරයා දැනුවත් කරමින් ඔහුට ලිපියක් යොමු කළ බවත් මෙදොන්සා මහතාගේ  ලිපියේ  දැක්වේ.

පසු සටහන 
ශ්‍රී  ලංකා ජිම්නාස්ටික් සංගමයේ ප්‍රධාන ලේකම්වරයා විසින් වී.එස්.වී. මෙදොන්සා හා රවීන්ද්‍ර මෙන්ඩිස් යන මහත්වරුන්ට පැනවූ තහනමක් පිළිබදව දැනුම් දෙමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ඉහත ප්‍රවත්තියට පදනම් විය.
අදාළ මාධ්‍ය නිවේදනය ලංකාදීප පුවත්පතේ  පළ කිරීමෙන් පසුව ඊට පිළිතුරු ලෙස රවීන්ද්‍ර  මෙන්ඩිස් මහතා වාචිකව  හා ලිඛිතවත් ලබාදුන් කරුණු දැක්වීමේ  සදහන් වූයේ තහනමට එරෙහිව  තමන් හා මෙදොන්සා මහතා නඩු මගට පිවිසෙන බවයි.


අදහස් (0)

නඩුමගට ගියේ නැතැයි මෙදොන්සා කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.