Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නවෝද් ඡන්ද 60,000 සීමාව පසුකරයි

නවෝද් ඡන්ද 60,000 සීමාව පසුකරයි

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග් 4G- සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ 25 වැනි සතිය නිමාවන විට ඡන්ද 60,000 සීමාව පසුකර යෑමට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන ගාල්ල මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන සමත්ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් 6430 ත් සමග මේ වන විට ඔහු ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 61,450 කි. 

නවෝද්ට වඩා ඡන්ද 25,768 ක් පසුපසින් සිටින මීගමුව මාරිස්ටෙලා විදුහලේ පසිඳු උස්හෙට්ටි, සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ ඡන්ද 35,682 ක් ලබාගනිමිනි. කෙසේ වුවත් ගෙවී ගිය සතිය තුළදී ඔහුට ලබාගත හැකි වී ඇත්තේ ඡන්ද 101 ක් පමණි. 

කුරුණෑගල ශාන්ත ආනා විදුහලේ සහ කොළඹ නාලන්දා විදුහලේ ක්‍රීඩකයන් දෙදෙනෙක් වන මුයිස් රෆීල් සහ ලක්ෂිත රසාංජන ඡන්ද 9344 ක් සහ 8252 ක් බැගින් ලබා පිළිවෙලින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති. 

නැගී එන කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින බලංගොඩ ආනන්ද මෛත්‍රී විදුහලේ ලිතිජ කල්හාර ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද සංඛ්‍යාව 18,325 සිට 19,948 ක් දක්වා ඉහළ දමාගෙන ඇත. ඔහුට වඩා ඡන්ද 6490 ක් පසුපසින් සිටින ගම්පහ ශාන්ත පීතර විදුහලේ විසල් නාගසේන ඡන්ද 13,458 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ. 

බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින රත්ගම දේවපතිරාජ විදුහලේ සත්‍යා සංදීපනී ඡන්ද 6672 ක් ලබා සිටින අතර එම විදුහලේම ක්‍රීඩිකාවක් වන කවීෂා දිල්හාරි ඡන්ද 2084 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ පසුවන්නීය. ඔවුන් දෙදෙනා අතර පළමු ස්ථානය සඳහා පවතින පරතර ඡන්ද 4588 කි. 

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර්, ඬේලි එෆ්.ටී. සහ ටැමිල් මිරර් යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. 

තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමේ අවස්ථාව ඉකුත් වසරේ (2018) නොවැම්බර් මස 1 වැනිදා ආරම්භ විය. කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේද පළකෙරේ. 

මේ වන විට ජනප්‍රියම පාසල් ක්‍රීකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ අවසන් සතිය ක්‍රියාත්මක වන අතර කූපන්පත් නිකුත් කිරීම අදින් (10 වැනිදා) නිමාවට පත්වේ. කෙසේ වුවත් ඉන් අනතුරුව පැමැණෙන උත්සව සමය හේතුවෙන් මේ මස 22 වැනිදා මධ්‍යහන 12.00 දක්වා කූපන්පත් භාරගැනීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති. 

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසුගිය සතියේ ජයග්‍රාහකයෝ 
1 ශමි පිලිප්, නො. 9, හේකිත්ත වීදිය, වත්තල 
2 ටෂිනි පැලවත්ත, වත්තේගෙදර, යටිගල් ඔළුව, පොල්ගහවෙල 
3 සුපුන් උදයංග, 188/සී, හතරවන මාවත, හොන්නන්තර, පිළියන්දල
4 ඩිලාන් ක්‍රිෂාන්ත, 129ඩී, බන්ඩිගොඩ, ජා ඇල 

-036 

 


අදහස් (0)

නවෝද් ඡන්ද 60,000 සීමාව පසුකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.