Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ 17 වැනි සතිය නිමාවන විට ඡන්ද 11,000 සීමාව ඉක්මවා යෑමට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැදී සිටින ගාල්ල මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන සමත්ව සිටියි. ගෙවී ගිය සතියේදී ලබාගත් ඡන්ද 1801 ත් සමග සිය ඡන්ද මුළු සංඛ්‍යාව 11,506 ක් දක්වා ඉහළ නංවා නැගීමටද නවෝද්ට හැකි වී ඇත.
තරගයේ 16 වැනි සතිය නිමාවන විය ඡන්ද සටහනේ සිවුවැනි ස්ථානයේ රැදී සිටි මීගමුව මාරිස්ටෙලා විදුහලේ පසිඳු උස්හෙට්ටි, ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද ගොන්නට තවත් ඡන්ද 2793 ක් එක්කර ගනිමින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ සිටියි. මේ වන විට ඔහු ලබා සිටිව මුළු ඡන්ද සංඛ්‍යාව 5406 කි.
කොළඹ නාලන්දා විදුහලේ සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ක්‍රීඩකයන් දෙදෙනෙක් වන ලක්ෂිත රසාංජන සහ සුඛිත මනෝජ් ඡන්ද 3381 ක් සහ 3271 ක් බැගින් ලබා පිළිවෙලින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති.
නැගී එන කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින බලංගොඩ ආනන්ද මෛත්‍රී විදුහලේ ලිතිජ කල්හාර ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද සංඛ්‍යාව 5379 සිට 7139 ක් දක්වා ඉහළ දමාගෙන තිබේ. ඔහුට වඩා ඡන්ද 2131 ක් පසුපසින් සිටින ගම්පහ ශාන්ත පීතර විදුහලේ විෂල් රුක්ෂාන් ඡන්ද 5008 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ.
බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්ව සිටින රත්ගම දේපතිරාජ විදුහලේ සත්‍යා සංදීපනී, ඡන්ද 1605 ක් ලබා සිටින අතර එම විදුහලේම කවීෂා දිල්හාරි ඡන්ද 1007 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ පසුවන්නීය.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර්, ඬේලි එෆ්.ටී. සහ ටැමිල් මිරර් යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.
තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ විය. කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේද පළකෙරේ.
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසුගිය සතියේ ජයග්‍රාහකයෝ
1 කේ.එල්. චමිල් ලේකම්ගේ, මයිල, ගල්හිර, ඕපනායක
2 දිනාර විජේවර්ධන, 7, ඇනයිරා මාවත, තලපත්පිටිය, නුගේගෝඩ
3 දර්ශන සම්පත්, ගුරුදෙණිය
4 ඩබ්ලිව්.ඩී. පැතුම් කමල් විතාන, 284/සී/03, වැල්මිල්ල හංදිය, වල්ගම, බණ්ඩාරගම
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.