Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නවෝද් පෙරමුණ තහවුරු කරගනී

නවෝද් පෙරමුණ තහවුරු කරගනී

Nisanka Sandeepani - 2019 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ 22 වැනි සතිය තුළදී ඡන්ද 9428 ක් ලබා ගනිමින් සිය මුළු ඡන්ද සංඛ්‍යාව 34,344 ක් දක්වා ඉහළ දමා ගැනීමට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන ගාල්ල මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන සමත්වී ඇත. 
 
නවෝද් සමග කරට කර සටනක නිරත වෙමින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන මීගමුව මාරිස්ටෙලා විදුහලේ පසිඳු උස්හෙට්ටි ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 5189 ත් සමගින් මේ වන විට ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 27,516 කි. 
 
තරගයේ 21 වැනි සතිය නිමාවන විට නවෝද් සහ පසිඳු අතර පැවැති පරතරය ඡන්ද 2589 ක් වුවත්, ගෙවී ගිය සතිය තුළදී නවෝද් ලබාගත් 10,000 කට ආසන්න ඡන්ද ප්‍රමාණයත් සමග මේ වන විට එම පරතරය ඡන්ද 6828 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 
 
කුරුණෑගල ශාන්ත ආනා විදුහලේ සහ කොළඹ නාලන්දා විදුහලේ ක්‍රීඩකයන් දෙදෙනෙක් වන මුයිස් රෆීල් සහ ලක්ෂිත රසාංජන ඡන්ද 6784 ක් සහ 4725 ක් බැගින් ලබා පිළිවෙලින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති. 
 
නැගී එන කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින බලංගොඩ ආනන්ද මෛත්‍රී විදුහලේ ලිතිජ කල්හාර ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද සංඛ්‍යාව 13,177 සිට 14,890 ක් දක්වා ඉහළ දමාගෙන ඇත. ඔහුට වඩා ඡන්ද 5114 ක් පසුපසින් සිටින ගම්පහ ශාන්ත පීතර විදුහලේ විෂල් රුක්ෂාන් ඡන්ද 9776 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ. 
 
මේ වන විට බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින රත්ගම දේවපතිරාජ විදුහලේ සත්‍යා සංදීපනී ඡන්ද 4675 ක් ලබා සිටින අතර එම විදුහලේම ක්‍රීඩිකාවක් වන කවීෂා දිල්හාරි ඡන්ද 1372 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ පසුවන්නීය. ඒ අනුව ඔවුන් දෙදෙනා අතර පළමු ස්ථානය සඳහා පවතින පරතර ඡන්ද 3303 කි. 
 
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර්, ඬේලි එෆ්.ටී. සහ ටැමිල් මිරර් යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. 
 
තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ විය. කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේද පළකෙරේ. 
 
 
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසුගිය සතියේ ජයග්‍රාහකයෝ
 
1 ලක්මිණි අලහකෝන්, 956/2ඊ, පොතුඅරාව පාර, මාලබේ 
2 ධනංජය ප්‍රේමතිලක, 23ඒ, තම්මිට, මාකෙවිට 
3 ජී.එච්.එස්. වීරසූරිය, කුරුඳුවත්ත, රාජපක්ෂ මාවත, ගාල්ල 
4 ආර්.ජයතිලක, 38/426, වැලිපිල්ලෑව, ගණේමුල්ල 
 
-036 

අදහස් (0)

නවෝද් පෙරමුණ තහවුරු කරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.