Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නිරෝද් - හිරුණි කිලෝමීටර 2 පිහිනුම් ශූරතා දිනති

නිරෝද් - හිරුණි කිලෝමීටර 2 පිහිනුම් ශූරතා දිනති

editorial - 2023 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් පියන්ත)

අම්බලන්ගොඩ ලයන්ස් ජල කීඩා සංගමය 13 වැනි වරටත් සංවිධානය කරනු ලබන කිලෝමිටර් දෙක විවෘත ගංගා පිහිනුම් තරාවලියේ පිරිමි ශූරතාව අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සමාජයේ (අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ) නිරෝද් තීක්ෂණ විසින් දිනාගන්නා ලදි. එහි කාන්තා ශූරතාවයද අම්බලන්ගොඩ ලයන්ස් ජල කීඩා සමාජයේ (අම්බලන්ගොඩ මාදම්පා විදුහලේ) හිරුණි කෞශලයා විසින් දිනා ගන්නා ලදි.

අම්බලන්ගොඩ මාදම්පා ගගේ ඌරවත්ත තොටුපොළේදී මේ පිහිනුම් තරගාවලිය සෙනසුරාදා (8 වැනිදා) පැවත්විණ. තරගාවලිය සදහා  දිවයිනේ පිහිනුම් ක්‍රීඩකයින් 40 ක් සහ ක්‍රීඩිකාවන් 15 ක් සහභාගීවූහ.

ශ්‍රී  ලංකා ජල ක්‍රීඩා සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවති මේ තරගාවලියේදී පිරිමි ශූරතාව දිනාගත් නීරෝද් තීක්ෂණ විනාඩි 16 යි තත්ත්පර 53.17 කින් තරගය නිමා කළේය. විනාඩි 17 යි තත්ත්පර 46.72 කින් තරගය නිමා කළ අම්බලන්ගොඩ ලයන්ස් ජල කීඩා සමාජයේ දිලන පැතුම් එහි අනුශූරතාව  හිමිකර ගත්තේය. විනාඩි 21 යි තත්ත්පර 10.10 කින් තරගය නිමා කළ ලයන්ස් ජල ක්‍රීඩා සමාජයේම (අම්බ්ලන්ගොඩ මාදම්පා විදුහල) රශ්මික ගුරුසිංහ එහි තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

කාන්තා ශූරතාව දිනාගත් හිරුණි කෞශලයා විනාඩි 21 යි තත්ත්පර 46.05 කින් තරගය නිමා කළාය.  විනාඩි 26 යි තත්ත්පර 15.00 කින් තරගය නිමා කළ ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලේ ඉසින්දි විතුල්යා එහි අනුශූරතාවත්,  විනාඩි 26 යි 20.10 කින් තරගය නිමාවට පත් කළ ගාල්ල සංඝමිත්තා බාලිකා විදිහලේම දිනාලි දිහන්සා තෙවැනි ස්ථානයත් දිනාගත්හ.

පිරිමි :  වමේ සිට - රශ්මික ගුරුසිංහ(3), නිරෝද් තීක්ෂණ(1), දිලන පැතුම්(2)
 
   
කාන්තා:  වමේ සිට - දිනාලි දිහන්සා(3), හිරුණි කෞශල්යා(1), ඉසින්දි විතුල්යා(2)

 


අදහස් (0)

නිරෝද් - හිරුණි කිලෝමීටර 2 පිහිනුම් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.