Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නිලූකගේ ගමනත් නිමාවෙයි

නිලූකගේ ගමනත් නිමාවෙයි

editorial - 2021 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වේ අද (26 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී වට 2-0 ලෙස ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්න පරාජය කිරිමට අයර්ලන්තයේ නාත් ගුයෙන් සමත් විය.

'එෆ්' කාණ්ඩය යටතේ පැවැති එම තරගයේ පළමු වටය ලකුණු 21/16 ලෙස ජයගත් නාත්, දෙවැනි වටයේදී ලකුණු 21/14 ලෙස නිලුක පරජයට පත් කළේය. මෙම තරගයෙන් පරාජය වීමත් සමග නිලූකට මෙවර ඔලිම්පික් තරගාවලියෙන් ඉවත් වීමටද සිදුවිය.  

මූලික වටය යටතේ පැවැති පළමු තරගයේදී වට 2-0 ලෙස චීන තායිපේහි වෙංග් සූ වෙයි හමුවේ නිලුක  පරාජයට පත්වූ අතර එම තරගයේ ලකුණු තත්ත්වය 21/12 ක් සහ 21/15 ක් ලෙස සටහන් විය. සූ වෙයි ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානයේ පසුවන ක්‍රීඩකයාය.

මේ වන විට 36 වැනි වියේ පසුවන නිලූක, ඔලිම්පික් උළෙලකට සහභාගි වන තෙවැනි අවස්ථාව මෙයයි. 2012 වසරේ පැවැති ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී අවසන් 16 දෙනා අතරට පැමිණි ඔහු, 2016 වසරේ පැවැති රියෝ ඔලිම්පික් උලෙළේදීත් මූලික වටයෙන්ම පරජයට පත්විය.

අවස්ථා 17 කදී ජාතික බැඩ්මින්ටන් ශූරතාව දිනා ඇති නිලූක, සිය ක්‍රීඩා දිවිය තුළ ලොව පුරා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලි 21 කදී රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගැනීමටද සමත්ව සිටියේය.

(ඡායාරූප අනුග්‍රහය - ජාතික ඔලිම්පික් කමිටුව)


-036


අදහස් (1)

නිලූකගේ ගමනත් නිමාවෙයි
  • sam Tuesday, 27 July 2021 10:24 AM

    අනේ අර නාමල දිරිගන්නන්න නේද ගියේ? ක්‍රිකට් වලට වුණු දේමයි...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.