Last Update  :  2025-04-10 14:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නිශාන්තට ආසියානු තනතුරක්

නිශාන්තට ආසියානු තනතුරක්

editorial - 2021 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියාවේ රටවල් 21 ක සාමාජිකත්වය දරන ආසියානු නූතන පංච ප්‍රයාම සම්මේලනයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ධුරයට ශ්‍රී ලංකා නූතන පංච ප්‍රයාම සම්මේලනයේ වත්මන් සභාපති නිශාන්ත පියසේන මහතා තේරී පත්ව සිටියි. 

මෙම තනතුර සඳහා සිංගප්පූරුව හා චීන–තායිපේ නියෝජිතයන් දෙදෙනෙකුද තරග වැදුණි. 

‘‘නූතන පංච ප්‍රයාම’’ ක්‍රීඩා ඉසව්ව 2013 දී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් එහි ජාතික සංගමය ස්ථාපිත කිරීමට පුරෝගාමී වූ පියසේන මහතා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලනයේ ප්‍රවීනයෙකි. ඔහු දැරූ ක්‍රීඩා පරිපාලන තනතුරු අතර ජාතික ඔලිම්පික් කමිටුවේ උප ලේකම්, ශ්‍රී ලංකා ‘‘තුන් ප්‍රයාම’’ සංගමයේ භාණ්ඩාගාරික, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ප්‍රධාන ලේකම් යන ධුරද තිබේ. 

පියසේන මහත පාපැදි සම්මේලනයේ උප සභාපතිවරයෙකු ලෙසත් කටයුතු කරයි. 

- 223

 

 

 


අදහස් (0)

නිශාන්තට ආසියානු තනතුරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.