Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දෙමටගොඩ ශාන්ත මැතිව්ස් විද්‍යාලය සහ දෙමටගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති ‘නීල හරිත හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය කඩුලු 5 කින් ජයගැනීමට ශාන්ත ජෝන් විද්‍යාලය සමත්විය.
කාසියේ වාසිය දිනූ ශාන්ත ජෝන් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සඳහා ශාන්ත මැතිව්ස් විද්‍යාලයට ආරාධනා කළ අතර ඕවර 37.3 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 120 ක් පමණි.
ලකුණු 44 ක් රැස්කළ අසිත රුෂාන් ශාන්ත මැතිව්ස් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර සුමින්ද සඳරුවන් නොදැවී ලකුණු 32 ක් රැස් කළේය.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ විජේසුන්දරම් යුගේෂ් ලකුණු 28 කට කඩුලු 5 ක් සහ බෙනඩික් ලක්ෂාන් ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගනිමින් ශාන්ත මැතිව්ස් විද්‍යාලීය ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 121 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත ජෝන් විද්‍යාලය ඕවර 33.2 කදී කඩුලු 5 ක් දැවී ඉලක්කය් පහසුවෙන් ජයගැනීමට සමත්විය.
රාජා මයුරන් සහ එස්.ජේකොබ් ලකුණු 21 බැගින් රැස්කරමින් ශාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවෝ බවට පත්වූහ.
එම්.අස්ලම් කඩුලු 3 ක් සහ මොහොමඞ් ෆස්මිල් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවූහ.
ශා.මැතිව්ස් විද්‍යාලය - ඕවර 37.3 කදී සියලුදෙනා දැවී ලකුණු 120
(අසිත රුෂාන් 44, සුමින්ද සඳරුවන් නොදැවී 32, විජේසුන්දරම් යුගේෂ් 28/5, බෙනඩික් ලක්ෂාන් 17/3)
ශා.ජෝන් විද්‍යාලය - ඕවර 33.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 121
(රාජා මයුරන් 21, එස්.ජේකොබ් 21, එම්.අස්ලම් 19/3, මොහොමඞ් ෆස්මිල් 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.