Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නුවරඑළිය තුරඟ තරග සමය ඇරඹේ

නුවරඑළිය තුරඟ තරග සමය ඇරඹේ

ශානුක අරවින්ද - 2021 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


නුවරඑළිය තුරඟ තරග සමග ආරම්භ කරමින් රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන තුරඟ තරග මාලාවේ පළමු අදියර මේ මස 20 වැනිදා නුවරඑළිය තුරඟ තරග පිටියේදී පෙරවරු 10.00 සිට පැවැත්වේ.

කොරෝනා වසංගතය හේතුවෙන් වසරකට පමණ පසුව පැවැත්වෙන තරගාවලියේදී ස්පිරිටට් ටච්, අල්කසබා, මෙහෙරාන්, ඔනෝරියස් සහ සන්තෝෂ් වැනි ඉහළම සම්භවයක් ඇති ඇති තුරඟුන් තරග කරවීමට උන්ගේ අයිතිකරුවෝ සූදානමින් සිටිති.

2020 වසරේ තුරඟ තරග මාලාව කොරෝනා වසංගතය හේතුවෙන් අත්හැර දැමීමට සිදුවූ අතර 2019 වසරේ තුරඟ තරග මාලාව පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් අතර මඟ නතර කිරීමට සිදුවිය. එබැවින් මේ වසරේ (2021) තුරඟ තරග මාලාව හැකිතරම් හොඳින් සංවිධානය කිරීමට තම සංගමය කටයුතු සූදානම් කර ඇතැයි රාජකීය තුරඟ තරග සමාජයේ භාණ්ඩාගාරික නිසිත රූපසිංහ මහතා පැවසීය.

“ශ්‍රී ලංකාව තවදුරටත් තුරඟ තරග ක්‍රීඩාවේදී  ක්‍රියාකාරී මට්ටමේ සිටින බව ලොවට පෙන්වීමට අපි සූදානම්. සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්ට අනුකූලව අපි මෙම තරග මාලාව පැවැත්වීමට කටයුතු කරනවා. එසේ වුවත් සෑම දෙයක්ම පෙර මෙන්ම වඩාත් උත්කර්ෂවත් අන්දමින් තියේවි.” යැයි ද රූපසිංහ මහතා තවදුරටත් පැවසීය.

ආණ්ඬුකාර කුසලාන, රැජින කුසලාන සහ නගරාධිපති කුසලාන වැනි වසර ගණනාවක් පුරා පැවැත එන සාම්ප්‍රදායික තරග පැවැත්වීමටද රාජකීය තුරඟ තරග සමාජය සූදානමින් සිටියි. එහෙත් එම තරගවලට පෙර වසන්ත සහ ග්‍රීස්ම ඍතු කුසලාන (ස්ප්‍රිං ඇන්ඩ් සමර් කප්) තුරඟ තරගාවලිය අප්‍රේල් මස 3 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතය.

අප්‍රේල් මස 15 වැනි බ්‍රහස්පතින්දා ආණ්ඬුකාර කුසලාන තුරඟ තරගාවලිය පැවැත්වෙන අතර එදිනම එම තරගාවලිය යටතේ රැජින කුසලාන සහ නගරාධිපති කුසලාන තරග දෙකද පැවැත්වෙනු ඇත. වසන්ත සමයේ නිමාව සනිටුහන් කරමින් අප්‍රේල් මස 24 වැනි සෙනසුරාදා මැජික් මිලියන් කුසලාන තරගාවලිය පැවැත්වීමටද සංවිධායකයන් කටයුතු යොදා ඇත.

අගෝස්තු, සැප්තැම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී තවත් තුරඟ තරගාවලි රැසක් පැවැත්වීමටද රාජකීය තුරඟ තරග සමාජය කටයුතු සැලසුම් කරමින් සිටියි.


අදහස් (0)

නුවරඑළිය තුරඟ තරග සමය ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.