Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
න්.සී.සී සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය නිමාවන විටදී ලකුණු 56 කට කඩුලු 4 ක් අහිමිකරගත් කෝල්ට්ස් කණ්ඩායම දැඩි අසීරූතාවයට පත්ව ඇත. අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ඒ’ ශ්‍රේණිය යටතේ සුපිරි කණ්ඩායම් අට අතර මෙම තරගාවලිය පැවැත්වේ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එන්.සී.සී කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 251 ක් පමණි.
අකිල ධනංජයගේ පන්දු යැවීම හමුවේ පිතිකරුවන්ට සාර්ථක සම්බන්ධතා ගොඩනැගීමට නොහැකි වුවද ළහිරු උදාර (85) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
පැතුම් නිස්සංක සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 97 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද ළහිරු උදාර සමත්විය.
මූලික වටයේ තරගයකදී සහ අයර්ලන්ත ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව ඊයේ (16 වැනිදා) අවසන්වූ සිවුදින තරගයේදීද ද්විත්ව ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ පැතුම් නිස්සංකට මෙම තරගයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 35 ක් පමණි.
මේ වනවිට අන්තර්ජාතික ක්‍රිකට් තහනමකට ලක්ව සිටින අකිල ධනංජය ලකුණු 72 කට කඩුලු 5 ක් දවාගනිමින් එන්.සී.සී පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත්විය.
සුපිරි කණ්ඩායම් අට අතර තරගාවලියේ තවත් තරග 3 ක් එස්.එස්.සී, එන්.සී.සී සහ පී.සරවණමුත්තු යන ක්‍රීඩාංගණවලදී අද ආරම්භවිය.
එහිදී පිත්තෙන් දස්කම් දැක්වූ සැරසන්ස් කණ්ඩායමේ ගමිඳු අමරසිංහ (109) ශතකයක් ලබාගත් අතර ද්‍රවිඩ සංගම් පිලේ රමිත රඹුක්වැල්ල කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
එන්.සී.සී සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී 251, කෝල්ට්ස් 56/4
එන්.සී.සී - පළමු ඉනිම - ඕවර 56.1 කදී සියලුදෙනා දැවී ලකුණු 251
(ළහිරු උදාර 85, පැතුම් නිස්සංක 35, නිමේෂ ගුණසිංහ 44, මාලිංග අමරසිංහ 25, සාරංග රාජගුරු 23, අකිල ධනංජය 72/5, ජෙහාන් ඩැනියල් 46/2)
කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 31 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 56
(ජෙහාන් ඩැනියල් නොදැවී 28, සචින්ත පිරීස් 13/2)
----------------------------------------------------------------------------------------------------------------
සැරසන්ස් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
සැරසන්ස් 258/3
සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 258
(නවිඳු නිර්මාල් 23, ගමිඳු අමරසිංහ 109, ප්‍රමෝද් මදුවන්ත නොදැවී 93, නිමේෂ් විමුක්ති 51/2)
----------------------------------------------------------------------------------------------------------------
එස්.එස්.සී 321, ද්‍රවිඩ සංගමය 02/0
එස්.එස්.සී- පළමු ඉනිම - ඕවර 86.1 කදී සියලුදෙනා දැවී ලකුණු 321
(සඳුන් වීරක්කොඩි 26, කෞෂාල් සිල්වා 65, ක්‍රිෂාන් ආරච්චිගේ 48, කෝසල කුලසේකර 32, චාමර කපුගෙදර 22, සචිත්‍ර සේනානායක 47, ධම්මික ප්‍රසාද් 50, රමිත රඹුක්වැල්ල 89/5, දමිත සිල්වා 33/3)
ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 1 කදී කිසිවකු නොදැවී ලකුණු 02
----------------------------------------------------------------------------------------------------------------
යුද හමුදා පිල 227/7
යුද හමුදාව - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 90
(ලක්ෂාන් එදිරිසිංහ 61, හිමාෂ ලියනගේ 44, දිල්ශාන් ද සොයිසා 40, සංජික රිද්ම 27, කසුන් ද සිල්වා 20, මාලින්ද පුෂ්පකුමාර 78/3, ළහිරු මදුශංක 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.