Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පස්දුන් කෝරළේ සටන 15 - 16 මතුගමදී

පස්දුන් කෝරළේ සටන 15 - 16 මතුගමදී

රොෂාන් ගුණරත්න - 2019 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මතුගම ශාන්ත මේරි මහ විදුහල හා මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසල අතර පැවැත්වෙන පස්දුන් කෝරළේ සටන 56 වැනි වරටත් මේ මස 15 සහ 16 දෙදින මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

1963 වර්ෂයේදී මෙම විදුහල් දෙක අතර ප්‍රථම මහ ක්‍රිකට් තරඟය පවත්වා ඇති අතර එම තරඟයේ දී වින්සන්ට් ධර්මදාස ශාන්ත මේරි කණ්ඩායමත් එන්.ඩබ්ලිව්. ජෝන් ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායමත් මෙහෙයවා ඇත. මෙම දෙවිදුහල් අතර මේ දක්වා පැවැති තරග 55 දී ශාන්ත මේරි විදුහල තරඟ 12 ක් ද ආනන්ද ශාස්ත්‍රාලය  තරග 02 ක් ද ජයග්‍රහණය කර ඇත. අනෙක් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන්වී ඇත. 

අවසන් වරට ශාන්ත මේරි විදුහල් කණ්ඩායම 2010 වසරේදී චානක දුෂ්මන්තගේ නායකත්වයෙන් පස්දුන් කෝරළ සටන ජයග්‍රහණය කර තිබේ.

මෙවර ශාන්ත මේරි පිලේ නායකයා ලෙස සංජුල ක්‍රිෂාන් ප්‍රනාන්දු ද, ආනන්ද ශාස්ත්‍රාලීය පිලේ නායකයා ලෙස රවිඳු චානුක උඩවත්ත ද කටයුතු කරති.  

අන්තර් පළාත් වයස 19 න් පහළ ක්‍රිකට් තරඟාවලියේ තෙවැනි කොටසේ ක්‍රීඩා කරන ශාන්ත මේරි විදුහල මෙම තරග වාරයේදී තරග 8 කට සහභාගී වී ජයග්‍රහණ 07 ක් ලබාගෙන ඇත. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. ආනන්ද  ශාස්ත්‍රාලය තරග 07 කට සහභාගී වී තරග 2 ක් ජය ලබා තරඟ 04 ක් ජය පරාජයෙන් තොරව අවසන් කර එක් තරගයක් පරාජය වී තිබේ. 

ශාන්ත මේරි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන සිවුවැනි වසරේ වර්ණලාභියකු වන සංජුල ක්‍රිෂාන් ප්‍රනාන්දු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු මෙම ක්‍රිකට් වාරයේදී ලකුණු 500 සීමාව පසුකර ඇති අතර දකුණතින් පා දඟ පන්දු යවමින් කඩුලු 25ක් බිඳ දමා තිබේ. පස්වන වසරේ වර්ණලාභියකු වන ළහිරු දිල්ශාන් ශාන්ත මේරි කණ්ඩායමේ උප නායකත්වය දරමින් කඩුලු  25  ක් සහ  ලකුණු 250ක් ලබමින් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දක්වා ඇත.

ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායම මෙහෙයවනු ලබන රවිඳු චානුක උඩවත්ත තෙවැනි වසරේ වර්ණ ලාභී ක්‍රීඩකයෙකි. ඔහු දකුණතින් පිත්ත හසුරුවන අතර කණ්ඩායමේ මුල් පෙළ ශක්තිමත් කරන  පිතිකරුවෙකි. මෙම ක්‍රිකට් වාරය තුළ ලකුණු 400 ක් ලබා ඇත. සිවුවැනි වසරේ වර්ණලාභියකු වන ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායමේ උප නායක උළිඳු ප්‍රභාෂ්වර දකුණතින් පිත්ත හසුරුවන මැදපෙළ පිතිකරුවෙකි. මෙවර පාසල් වාරයේදී ලකුණු 400 සීමාව පසුකර ඇති අතර පන්දු යැවීමේදී කඩුලු 45 ක් බිඳ හෙළා ඇත.

 


ශාන්ත මේරි කණ්ඩායම
සංජුල ක්‍රිෂාන් (නායක), ළහිරු දිල්ශාන් (උප නායක), තීක්ෂණ ලියනගේ, කළිඳු හංසජ, නාමල් මධුසංක, තිලිණ චමෝද්, කොවිඳු කවිශාන්, නවීන් දේවින්ද, හේෂාන් තරින්ද, පසිඳු ඩිල්ෂාන්, ඉසුර දේශාන්, හිරාන් ලක්ෂිත ,පසිඳු මල්ෂාන්,චමෝද් කළිඳු ,එරන්ද ගිම්හාන,අවීෂ ටෂින්, හර්ෂ සඳරුවන්, හිමේෂ මධුභාෂණ .

 


ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායම

රවිඳු චානක (නායක), උළිඳු ප්‍රභාෂ්වර,එනුල අවිශ්ක, පසිඳු භාෂණ, දිල්සර ප්‍රමෝද්, ෂෙහාන් හිරුදික, සහන් සෙනෙවිරත්න, කවිඳු තීක්ෂණ ,මධුර මල්ෂාන්, සිතුම් දේශාන්, තිලිණ ධනංජය, කවිඳු අංජන, යසිරු දිල්හාර, චතුර ලක්මාල්, ඔෂාන් චන්දිම, ලෙක්ශාන් කාවිංග ,ෂෙහාන් පසිඳු, නිරෝෂන් ප්‍රියන්ත, චාමර මධුසංක.

 


අදහස් (0)

පස්දුන් කෝරළේ සටන 15 - 16 මතුගමදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.