Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පහර-3 ගොල්ෆ් තරගාවලියක්

පහර-3 ගොල්ෆ් තරගාවලියක්

දමින්ද විජේසූරිය - 2021 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජය විසින්, කොළඹ රොටරි සමාජය සහ ඩයලොග් එන්ටප්‍රයිස් සමග එක්ව සංවිධානය කරනු ලබන පහර-3 ගොල්ෆ් තරගාවලිය මේ මස 13 වැනිදා (සෙනසුරාදා) බොරැල්ල ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. සාමාන්‍ය වශයෙන් පහර 72 කින් නිමා කළ යුතු කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩාංගණයේ තරග වටය හෙට පැවැත්වෙන තරගාවලියේදී පහර 54 කින් නිමා කළ යුතුව තිබේ.

කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජ පිටිය සිදුරු 18 කින් සමන්විතය. ඇතැම් සිදුරු කරා පහර 4 කින් අවතීර්ණ විය යුතු නමුත් තවත් සිදුරු කරා පහර 3 කින් නැතහොත් පහර 5 කින් අවතීර්ණ විය යුතුව තිබේ. එහෙත් හෙට පැවැත්වෙන රොටරි - ඩයලොග් තරගාවලියේදී සැම සිදුරක් කරාම පහර 3 කින් අවතීර්ණ විය යුතුය. ඒ සඳහා තෝරාගත් සිදුරු සඳහා ආරම්භක ස්ථාන වෙනස් කෙරෙනු ඇත.

තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 150 ක් පමණ දෙනා ලියාපදිංචි වී සිටිති.
මෙම තරගාවලියේ අනුග්‍රාහකයන් වෙතින් සහ තරගාවලියට සහභාගි වන්නන් විසින් ගෙවනු ලබන ඇතුළත්වීමේ ගාස්තු වලින් උපයාගන්නා සියලුම මුදල් කොළඹ රොටරි සමාජය විසින් සංවිධානය කරනු ලබන සමාජ සත්කාර වැඩසටහන් සඳහා යොදා ගැනේ.

ෆෙන්ටන්ස්, සිනමන් ලයිෆ්, කාගීල්ස්, මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට්, එම් පවර් කැපිටල්, විඩැක්, මහජන බැංකුව, ඒසියා සිකියුරිටීස්, ඇපිගෝ, රූත්, චැතැම්, වික්ටෝරියා විලා, ඩී.ආර්.ටී.බී, අක්බාර් බ්‍රදර්ස්, පාක් ස්ටී්‍රට් සහ ෆේවරිට් ගෲප් තරගාවලියේ සෙසු අනුග්‍රාහකයෝ වෙති.

මෙම තරගාවලිය පිට පිටම පස්වැනි වතාවටත් සංවිධානය කෙරෙන්නකි.

 


අදහස් (0)

පහර-3 ගොල්ෆ් තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.