Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
වීරවිලෙන් ඊයේ (28) ආරම්භ කර කිලෝමීටර 140.5 ක් ගෙවා රත්නපුරෙන් නිමාවට පත්වූ ගුවන් හමුදා පාපැදි සවාරියේ (2025) පළමු අදියරේ ජය නාවික හමුදා ක්‍රීඩක ඩී.ඒ. සුරේෂ් ප්‍රසංගට හිමි විය. ඒ 15 දෙනකුගෙන් සමන්විත එකම පොකුරක් සමග පැය 2 විනාඩි 51 තත්පර 58 කට ඔවුන් හා සමාන නිමි කාලයකට තරගය නිමා කරමිනි.
මෙම පොකුරේම තරගය නිමා කළ ගිය වර සවාරියේ සමස්ත ශූරයා වූ යුද හමුදා ක්‍රීඩක පැතුම් සම්පත් වීරසිංහ 10 වැනි ස්ථානය ලැබීය.
26 වැනි ගුවන් හමුදා පාපැදි සවාරිය තරගකරුවන් 156 දෙනකුගේ සහභාගිත්වයෙන් ඊයේ වීරවිල ගුවන් හමුදා සංකීර්ණය අසළින් ආරම්භ විය.ඒ කිලෝමීටර 414ක මුළු දුරකින් සමන්විත මෙවර තෙදින තරගාවලියේ පළමු අදියර ලෙසිණි.
හම්බන්තොට, මාතර, නෝනාගම, ඇඹිලිපිටිය, උඩවලව, ගොඩකවෙල, කහවත්ත, පැල්මඩුල්ල, තැන්නවත්ත, නව නගරය හරහා රත්නපුරය සබරගමුව පළාත් ක්‍රීඩා සංකීර්ණය අසළින් ඊයේ පළමු අදියර ආරම්භ විය.
ඊයේ පළමු අදියර තරගය ආරම්භයේ පටන් ධාවකයන්ගේ වේගයට බාධාවක් වූයේ ඇද හැළුණු වර්ෂාවය.එය තරග විනිසුරුවන් හා තීරක මණ්ඩලයද අපහසුතාවට පත් කළ සිදුවීමකි.එහිදී තරග ආරම්භය වීරවිලදී සිදු වුයේ දැඩි වර්ෂාවක් මැදය.
මෙවර පළමු අදියර ජය ගත් සුරේෂ් ප්‍රසංග නාවික හමුදා පාපැදි සංචිතයේ ප්‍රබල ධාවකයකු වන අතර ඔහු කලකට පසුව ප්‍රධානතම පාපැදි තරගයක් ජය ගත් අවස්ථාවක් ලෙස ඊයේ ජයග්‍රහණය සටහන් විය.ඒ අනුව පළමු අදියරේ ජයග්‍රාහකයා ලෙස ප්‍රසංග අද දෙවැනි අදියරට සහභාගි වන්නේ ඊට හිමි කහ කමිසය පැළැදය.
ඊයේ පළමු අදියරේ වූ විශේෂ සිදුවීම් අතර ඊට සහභාගීවී සිටි ඉන්දීය ක්‍රීඩකයකු ධාවනය අතරතුරදී සිය පාපැදිය ලිස්සා යාමෙන් ඒ අසළ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක ගැටී අනතුරට පත් වීමයි.එයින් පසුව ඔහු රෝහල් ගත කළ බවද වාර්තාවේ.ඉන්දීය ක්‍රීඩකයෝ පස් දෙනෙක් මෙවර සවාරියට සහභාගිවී සිටිති.
ඉරිදා (2) දක්වා පැවැත්වෙන මෙවර ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවැනි අදියර තරගය අද (1) පෙරවරු 8.30ට රත්නපුරයෙන් ආරම්භ වේ.එහි දුර කිලෝමීටර 118.3 කි. ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, රුවන්වැල්ල, කොටියාකුඹුර, ගලිගමුව, කෑගල්ල, මාවනැල්ල, කඩුගන්නාව, පිළිමතලාව,කිරිබත්කුඹුර, පේරාදෙණිය හරහා ගන්නොරුව පැළෑටි සංරක්ෂණ සේවා කා©ාලය ඉදිරිපිටින් අවසන් කෙරේ.
ඉරිදා (2) සවාරිය නිමා කරමින් තෙවැනි හා අවසන් අදියර තරගය පැවැත්වේ. එය ගන්නෝරුවේ සිට ගැටඹේ, පේරාදෙණිය, කටුගස්තොට, වැරැල්ලගම, මාවතගම, දඹදෙණිය, පන්නල, සඳලංකාව, දංකොටුව, කොච්චිකඩේ, කටුනායක,වත්තල, පෑලියගොඩ, පංචිකාවත්ත, මරදාන, ටී. බී. ඡායා මාවත, ගාලුපාර හරහා පැමිණ ගාලුමුවදොර පිටියෙන් අවසන් වේ.
මෙවර ගුවන් හමුදා පාපැදි සවාරියේ කාන්තා ඉසව්ව හෙට (2) ආරම්භ වන්නේ මීරිගම නගරයෙනි. එය ගිරිඋල්ල, සඳලංකාව, කොච්චිකඩේ, කටුනායක, වත්තල, පෑලියගොඩ, පංචිකාවත්ත,මරදාන හරහා ටී. බී. ඡායා මාවත ඔස්සේ ගාලු පාරට පිවිස ගාලුමුවදොර පිටිය අසළින් නිමාවට පත් කෙරේ.එහි දුර කිලෝමීටර 89 කි.
26 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියරේ වීරවිල සිට රත්නපුරය දක්වා පළමු අදියරේ (කිලෝමීටර 140.5 - 5) 10 වැනි ස්ථානය දක්වා ප්‍රතිඵලය (සියලු තරගකරුවන් පැය 2 විනාඩි 51 තත්පර 58 සමාන නිමි කාලයක් වාර්තා කර ඇත.)
1ඩී.ඒ. සුරේෂ් ප්‍රසංග (නාවික හමුදාව) 2 චමෝද් ද සිල්වා(පොලිස්),3 සදරුවන් පින්තූ (යුද හමුදාව),4 ළහිරු මධුශංක (ගුවන් හමුදාව) 5 අශේෂ් මාරප්පෙරුම, 6 නදීෂ හේෂාන් (ගුවන් හමුදාව), 7තරිදු මීමනගේ (යුද හමුදාව),8 නිරෝෂන් කුමාරසිංහ (දෙහිවල - ගල්කිස්ස), 9 අභිෂේක් දිනෙත් චානක (කදිරාන)10 පැතුම් සම්පත් වීරසිංහ ( යුද හමුදාව)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.