Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යොහාන් පෙරේරා (124) විශිෂ්ට පිතිහරඹය හමුවේ අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ශූරතාව දිනා ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අද (9) සමත්විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයට එරෙහිව ලකුණු 12 ක ජයක් හිමිකර ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත්විය.
කාසියේ වාසිය දිනූ රිච්මන්ඞ් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සඳහා සාන්ත තෝමස් විද්‍යාලයට ආරාධනා කළ අතර ඕවර 49.4 කදී සියලුදෙනා දැවී ලකුණු 261 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.
ශතකවක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ යොහාන් පෙරේරා පන්දු 132 කදී හතරේ පහර 14 ක් සමගින් ලකුණු 124 ක් රැස්කරමින් සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 250 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය. රයන් ප්‍රනාන්දු ලකුණු 44 ක් රැස්කරමින් යොහාන්ට අනගි සහයක් ලබාදුන්නේය.
අම්ෂි ද සිල්වා සහ චමත් දිල්සර කඩුලු 3 බැගින්ද දිමුත් සඳරුවන් කඩුලු 2 ක් ද දවාගනිමින් රිච්මන්ඞ් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 262 ක ඉලක්කයක් හඹාගිය රිච්මන්ඞ් විද්‍යාලයට ඕවර 49.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 249 ක් පමණි. ආදිත්‍ය සිරිවර්ධන (53) සහ භානුක මනෝහර (51) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූවද රිච්මන්ඞ් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔවුන් අපොහොසත්වූහ. සඳුන් මෙන්ඩිස් ලකුණු 49 ක් රැස්කළේය.
ලකුණු 249 කට කඩුලු 9 ක් අහිමිකර ගෙන සිටි රිච්මන්ඞ් විද්‍යාලයට අවසන් ඕවරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 13 ක් අවශ්‍ය විය. නමුත් තෙවින් ඊරියගම යැවූ අවසන් ඕවරයේ පළමු පන්දුවට කවිඳු නිර්මාන ගැසූ පහරකින් ඉහළ නැගි පන්දුව ශැනන් ප්‍රනාන්දු රැකගැනීමත් සමගින් තරගයේ ජය තෝමසුවන්ට හිමිවිය.
ශැනන් ප්‍රනාන්දු කඩුලු 3 ක් ද තෙවින් ඊරියගම සහ කළණ පෙරේරා කඩුලු 2 බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
සාන්ත තෝමස් විද්‍යාලය - ඕවර 49.4 කදී සියලුදෙනා දැවී ලකුණු 261
(යොහාන් පෙරේරා 124 (132), රයන් ප්‍රනාන්දු 44, රවිඳු ද සිල්වා 21, අම්ෂි ද සිල්වා 58/3, චමත් දිල්සර 49/3, දිමුත් සඳරුවන් 56/2)
රිච්මන්ඞ් විද්‍යාලය - ඕවර 49.1 කදී සියලුදෙනා දැවී ලකුණු 249
(ආදිත්‍ය සිරිවර්ධන 53, භානුක මනෝහර 51, සඳුන් මෙන්ඩිස් 49, ශැනන් ප්‍රනාන්දු 44/3, තෙවින් ඊරියගම 47/2, කළණ පෙරේරා 39/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.