Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පළාත් මට්ටමින් මේසපන්දු පුහුණු සංචිත අරඹයි

පළාත් මට්ටමින් මේසපන්දු පුහුණු සංචිත අරඹයි

editorial - 2021 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (ශානුක අරවින්ද)

ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පළාත් මට්ටමින් සංචිතගත කර පුහුණුවීම් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මේසපන්දු සංගමය පියවර ගෙන තිබේ. එහිදී බස්නාහිර පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොළඹදීද, දකුණු පලාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අම්බලන්ගොඩදීද, මධ්‍යම පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මහනුවරදීද, උතුරු පලාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් යාපනයේදීද පුහුණුවීම් සඳහා එක්වනු ඇත.

ආසියානු මේසපන්දු සංගමයේ 'එම් ‍‍‍ෆෝ ද ස්ටාර්ස්' වැඩසටහන යටතේ මෙම පුහුණු සංචිත පවත්වාගෙන යෑම සඳහා මූල්‍ය ප්‍රතිපාදන හිමිවනු ඇත. එම සංචිතවල පුහුණුවීම් පසුගිය 24 වැනිදා සිට ආරම්භ කෙරුණ අතර මාස 5 ක කාලයක් පුරා එම පුහුණුවීම් ක්‍රියාත්මක වීමට නියමිතය.

‍මෙම වැඩසටහන ඉතුක් අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද කොවිඩ්-19 වයිරසය පැතිර යෑම ඉහළ යෑමත්, මැයි මාසයේ සිට රට තුළ සංචරණ සීමා ක්‍රියාත්මක වීමත් හේතුවෙන් එය ආරම්භ කිරීම කල් දැමීමට සිදුව තිබේ.

මෙම පුහුණු කඳවුරු 4 තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 70 දෙනෙක් පුහුණුවීම්වල නිරත වෙති. ඉන් 16 ක් කොළඹදීද (ක්‍රීඩකයන් 7, ක්‍රීඩිකාවන් 9), 14 ක් මහනුවරදීද (ක්‍රීඩකයන් 9, ක්‍රීඩිකාවන් 5), 20 ක් අම්බලන්ගොඩදීද (ක්‍රීඩකයන් 9, ක්‍රීඩිකාවන් 11) පුහුණුවීම් කරති. ඔවුන් සියලු දෙනාම අදාල සංචිත සඳහා තෝරාගෙන ඇත්තේ ශ්‍රේණිගත කිරීම් පදනම් කරගනිමිනි.

තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 ක් (ක්‍රීඩකයන් 10 සහ ක්‍රීඩිකාවන් 10) යාපනයේ පුහුණු සංචිතය සඳහා ‍තෝරා ගැනීමට නියමිත අතර ඊට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කවුදැයි යන්න උතුරු පළාත් මේසපන්දු සංගමය ඉදිරියේදී නම් කිරීමට නියමිතය. ලෝක මේසපන්දු සම්මේලනයේ තෙවැනි කාණ්ඩයේ සිට ඉහළට සුදුසුකම් ලත් පුහුණුකරුවන් ‍විසින් මෙම සංචිතවල පුහුණුවීම් මෙහෙයවනු ලැබේ.


අදහස් (0)

පළාත් මට්ටමින් මේසපන්දු පුහුණු සංචිත අරඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.