Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ප්‍රංශ සවාරිය ඇරඹෙයි

ප්‍රංශ සවාරිය ඇරඹෙයි

editorial - 2021 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝකයේ විශිෂ්ටතම පාපැදි සවාරිය ලෙසින් සැලකෙන ප්‍රංශ සවාරිය අද (26 වැනිදා) බටහිර ප්‍රංශයේ අත්ලාන්තික් සාගරය අසළ පිහිටි නගරයක් වන බ්‍රෙස්ට් හිදී ආරම්භ විය. එක් කණ්ඩායමකට පාපදිකරුවන් 8 දෙනකුගෙන් යුත් පාපැදි කණ්ඩායම් 24 ක් මෙවර තරගාවලියට සහභාගි වෙති.

දින 21 ක් පුරා පැවැත්වෙන ප්‍රංශ සවාරියේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝ මීටර 3,383 කි. පසුගිය වසරේදී සවාරිය ජයගත් ස්ලොවේනියානු ජාතික තාදේ පෝගකර් කෙරේ සියලු දෙනාගේම අවධානය යොමු වී තිබේ.

සවාරිය ජූලි මස 18 වැනිදා පැරීසියෙන් අවසන් වීමට නියමිතය.

සවාරියේ සමාරම්භක අවස්ථාව සඳහා පාපැදි ලෝලීහු අති විශාල පිරිසක් බ්‍රෙස්ට් නගරයට පැමිණ සිටි අතර කොරෝනා සමයේදී වුවද ඔව්හු මුඛ ආවරණ වලින් තොරවම සිටියහ. සවාරියේ අද පැවැත්වෙන පළමු අදියරේ දුර කිලෝ මීටර 197 කි.

පසුගිය වසරේ ශූරයා යව තාදේ පොගාකර් මෙන්ම අනෙකුත් නම් දැරූ පාපැදිකරුවන් වන ජෙරන්ට් තෝමස්, ජූලියන් ඇලපිලිප් (ප්‍රංශය), පීටර් සාගන් (ස්ලෝවේකියාව), මැතිව් වැන්ඩර්පෝල් (නෙදර්ලන්තය),  සහ ප්‍රිම්රෝස් රොග්ලික් උත්සාහ කරන්නේ පළමු අදියරේසීම සවාරියේ වාසිය ග්‍රහණය කරගැනීමටය.

- 213

 


අදහස් (0)

ප්‍රංශ සවාරිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.