Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ප්‍රවීණයන්ගේ පිහිනුම් තරග 16 දා අම්බලන්ගොඩදී

ප්‍රවීණයන්ගේ පිහිනුම් තරග 16 දා අම්බලන්ගොඩදී

editorial - 2024 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ප්‍රවීණයන්ගේ කෙටිදුර පිහිණුම් තරගාවලිය නොවැම්බර් මස 16 වැනිදා  මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුලු අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් පිහිනුම් තටාකයේදී පැවැත්වේ. දකුණු පළාතේ පළමුවරට පැවැත්වෙන මේ  අම්බලන්ගොඩ ප්‍රවීණයන්ගේ කෙටිදුර පිහිනුම් තරගාවලිය අම්බලන්ගොඩ පිහිනුම් තරුණ  එකමුතුව විසින් සංවිධානය කරයි.

අම්බලන්ගොඩින් පිහිනුම් ක්‍රීඩාවට අත්පොත් තබා එම ක්‍රීඩාවෙන් දෙස් විදෙස් කෙළිබිම ජයගෙන දැනට දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත්වන පිහිනුම් ක්‍රීඩකයින්ට මේ තරගාවලියට සහභාහී විය හැකි බව තරග සංවිධායකයක චතුක ද සිල්වා මහතා කීවේය.

තරගාවලිය වයස් කාණ්ඩ තුනක් යටතේ පැවැත්වේ. වයස 30-40, වයස40-50 සහ වයස 50-60 යන වයස් කාණ්ඩ ඒවාය. මේ වයස් කාණ්ඩ ත්‍රිත්වය සදහා මීටර් 50, මීටර 100 කෙටි දුර ළය ආර, සමනළ ආර, නිදහස් ආර, පසුපස ආර, මිශ්‍ර ආර යන පිහිනුම් ඉසව් පැවැත්වෙයි. නිදහස් ආර සහ මිශ්‍ර ආර ඉසව් දෙක යටතේ මීටර් 100 x 4 සහාය පිහිනීමේ තරගාවලිද පැවැත්වේ.

මේ තරග සියල්ලම නොවැම්බර් 16 වැනිදා පෙරවරු 9.00 සිට ම්‍යාහ්න 12.00 දක්වා පැවැත්වේ.

තරගාවලිය සදහා වැඩි විස්තර චතුක (0779-386508), උපුල් (0761-690982) හෝ අරවින්ද( 0770-075366) යන මහත්වරුන් අමතා ලබාගත හැකිය.


අදහස් (0)

ප්‍රවීණයන්ගේ පිහිනුම් තරග 16 දා අම්බලන්ගොඩදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.