Last Update  :  2025-03-21 20:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාසල් 200 කට ලණු පැදුරු

පාසල් 200 කට ලණු පැදුරු

editorial - 2022 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිවයින පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන පාසල් 200 කට ලණු පැදුරු බෙදා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. අවුරුදු 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන පාසල් ඒ සඳහා තෝරා ගෙන තිබිණ. 

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, නුවරඑළිය, මාතලේ, කුරුණෑගල, අනුරාධපුර, පොලොන්නරුව, පුත්තලම, බදුල්ල, මොණරාගල, රත්නපුර, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, වව්නියාව, මුලතිව්, මන්නාරම සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල පාසල් සඳහා එම ලණු පැදුරු 200 බෙදා දී ඇත. 

මින් පෙර දිවයින පුරා පාසල් 650 කට ක්‍රීඩා උපකරණ බෙදා දීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. ඊට අමතරව කොන්ක්‍රීට් පුහුණු තීරු 200 ක්ද, පැති තණතිරූ 50 ක්ද, තණතීරු 25 ක්ද ඉදිකර දී ඇති ක්‍රිකට් ආයතනය, තණතීරු තලන යන්ත්‍ර 300 ක්ද පාසල් අතර බෙදා දී තිබේ. 

ශ්‍රී ලංකාවේ පාසල් 300 කට වැඩි සංඛ්‍යාවක පිරිමි ක්‍රිකට් කණ්ඩායම් පවතින අතර බාළිකා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත පාසල් සංඛ්‍යාව 34 කි. 

-036  


අදහස් (0)

පාසල් 200 කට ලණු පැදුරු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.