Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාසල් සිසුන්ගෙනුත් ටිකට්වලට සල්ලි

පාසල් සිසුන්ගෙනුත් ටිකට්වලට සල්ලි

editorial - 2024 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ දිනවල කොළඹදී පැවැත්වෙන දකුණු ආසියානු යොවුන් පැසිපන්දු තරගාවලියේ තරග නැරඹීම සඳහා පාසල් සිසුන්ගෙන් මුදල් අයකිරීම හේතුවෙන් තරගාවලියට නරඹන්නන් බහුතරයක් අහිමි වී සිටින බව වාර්තා වේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉකුත් බදාදා (10) පැවැති තරගය නැරඹීම සඳහා පාසල් සිසුවකුගෙන් රුපියල් 600 කට ආසන්න මුදලක් අය කර තිබේ. රුපියල් 600 ක් සොයාගත නොහැකි සිසුන් ආපසු හැරී ගිය බවත් කියැවේ.

මෙම තත්ත්වය හේතුවෙන් තරගය නැරඹීමට පැමිණ සිටියේ සීමිත පිරිසකි. අන්තර්ජාතික තරග පැවැත්වීමේදී, අදාළ ක්‍රීඩාවේ ජාතික සංගමය විසින්, ප්‍රවේශපත් අළෙවි කිරීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් පාසල් සිසුන්ගෙන් ප්‍රවේශපත් සඳහා මුදල අය නොකරන අතර පාසල් සිසුන් අතරේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම එහි අරමුණයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බදාදා පැවැති තරගයේදී ඉන්දීය ක්‍රීඩකයෝ 88-44 ක පරාජයක් අත්වින්ඳාහ. පාසල් සිසුන්ට නොමිලයේ මෙම තරග නැරඹීමේ අවස්ථාව ලැබුණේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා හොඳ සහයෝගයක් ලැබෙන්නට තිබුණු බව පැසිපන්දු ලෝලීහු කියති.


අදහස් (0)

පාසල් සිසුන්ගෙනුත් ටිකට්වලට සල්ලි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.