Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සන්නිවේදන සමාගමක් වන ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගම මෙරට පැරා ක්‍රීඩා සඳහා ලබාදුන් අනුග්‍රාහකත්වය තවත් වසර 2 කින් දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.
ඩයලොග් සමාගම ජාතික පැරලිම්පික් කමිටුවට පළමුවරට අනුග්‍රහය දැක්වීමට කටයුතු කර ඇත්තේ 2000 වසරේදීය. පසුගිය වසර 22 පුරාවට යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය සහ ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන මෙරට පැරා ක්‍රීඩකයන් බලගැන්වීමට ඩයලොග් සමාගම කටයුතු කළේය.
ශ්‍රී ලංකා පැරලිම්පික් ක්‍රීඩකයන් ජාත්‍යන්තර මට්ටමින් අඛණ්ඩව දක්ෂතා දක්වා ඇති අතර 2020 ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේදී ටී46 කාණ්ඩයෙන් හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් තරග වැදුණ දිනේෂ් ප්‍රියන්ත මීටර් 67.79 ක දක්ෂතාවයක් පෙන්නුම් කර, ලෝක වාර්තාවද බිඳහෙලමින් ශ්‍රී ලංකාවට ප්‍රථම රන් පදක්කම දිනා දුන්නේය.
ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ ඔහුගේම කණ්ඩායමේ සාමාජිකයෙකු වූ සමිත දුලාන් කොඩිතුවක්කු ක්‍රීඩකයාද එම තරගාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී එෆ්64 කාණ්ඩයෙන් තරග කරමින් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනාදුන්නේ සිය හොඳම පෞද්ගලික දක්ෂතාවය වූ මීටර් 65.61 ක දක්ෂතාවයක් වාර්තා කරමිනි.
ප්‍රදීප් සංජය ශ්‍රී ලංකාවට පළමු පැරාලිම්පික් පදක්කම දිනාදුන් ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්ව සිටින අතර, 2012 වසරේ ලන්ඩන් පැරාලිම්පික් තරගාවලියේදී මීටර් 400 ධාවන ඉසව්වේදී තත්පර 49.28 ක කාලයක් වාර්තා කරමින් ඔහු ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.
“ශ්‍රී ලංකා පැරා ක්‍රීඩකයින් මැනවින් සිය දක්ෂතා පෙන්නුම් කරමින් මේ වන විට ඉතාම සාර්ථක ගමනක් ඇවිත් තිබෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ අප සමඟ එක්ව අපේ පැරලිම්පික් ක්‍රීඩකයන් පිළිබඳව විශ්වාසය තබමින්, ජාත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණ අත්කරගැනීමට ඔවුන්ට සහයෝගය ලබාදීම ගැන ඩයලොග් ආසිආටා සමාගමට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.” යැයි ජාතික පැරලිම්පික් කමිටුවේ සභාපති කර්නල් දීපාල් හේරත් මහතා සඳහන් කළේය.
ඡායාරූප -
ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනී අමලි නානායක්කාර මහත්මිය විසින් ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත් මහතා වෙත නිල වශයෙන් අනුග්‍රාහකත්වය පිරිනමනු ලැබූ අවස්ථාව. ජාතික පැරාලිම්පික් කමිටුවේ භාණ්ඩාගාරික දිලිනි වාරියපොල මහත්මිය, ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (සන්නාම හා මාධ්‍ය) හර්ෂ සමරනායක මහතා, ජාතික පැරාලිම්පික් කමිටුවේ ලේකම් බි්‍රගේඩියර් බන්දුල බණ්ඩාර මහතා සහ එම කමිටුවේ උප සභාපති ප්‍රියන්ත පීරිස් මහතා ද ඡායාරූපයේ වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.