Last Update  :  2024-09-18 20:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබන්න ශ්‍රී ලංකාව ආසියානු තරගාවලි දෙකකට

පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබන්න ශ්‍රී ලංකාව ආසියානු තරගාවලි දෙකකට

editorial - 2024 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

උස්බෙකිස්තානයේ ටස්කන්ට් නුවරදී  පෙරේදා (16) ආරම්භ වූ 17 වැනි ආසියානු කනිෂ්ඨ හා 11 වැනි ආසියානු  ජ්‍යෙෂ්ඨ යන ජාත්‍යන්තර  ජිම්නාස්ටික්  තරගාවලි දෙකකට සහභාගි වීම සදහා  ශ්‍රී  ලංකා  ජ්‍යෙෂ්ඨ  හා කනිෂ්ඨ  ජිම්නාස්ටික්  කන්ඩායම් දෙකක්  හෙට (19) දිවයිනෙන්  පිටත්ව යයි.මෙම  තරග මාලාව ලබන ඉරිදා (26) දක්වා එහිදී  පැවැත්වේ.

මෙම  තරග  සංචාරයේදී පදක්කම් දිනා ගැනීම හැරෙන්නට ප්‍රධානතම අරමුණක් වන්නේ එළඹෙන  2024 පැරිස්  ඔලිම්පික් උළෙල සදහා  ශ්‍රී ලංකාවෙන් අවම එක් ක්‍රීඩකයකු හෝ නිර්දේශ ලබා ගැනීමේ  උත්සාහය  බව ශ්‍රී ලංකා  ජිම්නාස්ටික්  සංගමයේ  ලේකම්  උදාර එස්.ලියන්විල මහතා පවසයි.

ගිම්හාන  ඔලිම්පික්  උළෙල  ඉතිහාසයේ මුල් වරට ශ්‍රී  ලාංකිකයකු ජිම්නාස්ටික්  ක්‍රීඩා ඉසව්වෙන්  නිර්දේශ ලබා ගත්තේ  පසුගිය 2020 (පැවැත්වුණේ 2021 දීය) ටෝකියෝ    ඔලිම්පික්  උළෙලේදීය. ඒ මිල්කා රහීම් නැමැති  මෙරට  ක්‍රීඩිකාවයි. එහෙත්  ඇය මේ වන විට ආබාධ තත්ත්වයකින් පසු වන බැවින් තාවකාලිකව ක්‍රීඩාවෙන් ඉවත්ව  සිටියි.ඒ ජපානයේදී ඇය නේවාසික  පුහුණුවීම් හදාරමින් සිටියදී  ඇතිවූ උරහිසේ ආබාධ තත්වයක් හේතුවෙනි. මෙතෙක්  ශ්‍රී  ලාංකික ක්‍රීඩකයකු (පිරිමි ඉසව්වකින්)  ඔලිම්පික්  උළෙලක්  සදහා  නිර්දේශ ලබා නොමැති අතර මෙවර ඒ සදහා මෙරට ක්‍රීඩකයන්   කීප දෙනකුගේම ඒ සදහා  උත්සාහයක් පවතින බවත් උදාර එස්. ලියන්විල මහතා  පවසයි.

ටස්කන්ට්  නුවරට ළගාවීමේදී ඒ සදහා  ගුවන් ප්‍රවේශ  පත්‍ර වියදම් දැරීමෙන් ක්‍රීඩා  අමාත්‍යාංශය සංචාරක ශ්‍රී  ල‍‍ංකා  කණ්ඩායම් සදහා අනුග්‍රහය  දක්වා තිබේ. ශ්‍රී  ලංකාව ජාත්‍යන්තර  ජිම්නාස්ටික්  තරග සංචාරයකට සහභාගි  වන්නේ වසර කීපයකට  පසුවය. කනිෂ්ඨ  ජාත්‍යන්තර  තරග සංචාරයකට ශ්‍රී  ල‍‍ංකාව  එක්ව සිටින්නේ  2018 පමණ  පසුව බවත් ශ්‍රී ල‍‍ංකා  ජිම්නාස්ටික්  සංගමය  පවසයි.

 

ඡායාරූපයේ වමේ සිට අසුන්ගෙන : නදික සුරංග කුරේ (පිරිමි පුහුණුකරු), උදාර එස්. ලියන්වල (ලේකම්) ප්‍රේමනාත් සී. දොළොවත්ත (සභාපති), ධම්මික ඇහැලෙපොල, රංජන තරංග (ජාතික පුහුණුකරු), කෞෂිනි චාතුර්යා (කනිෂ්ඨ කාන්තා පුහුණුකරු)

මැද පෙළ වමේ සිට:  බිනුග බිහන්සා කරුණාරත්න, හේෂානි ධනංජලි පෙරේරා, සයුරි විජේරත්න, කුමුදි ඉමන්යා, නුයාරා ප්‍රනාන්දු, තනුලි සසින්දි, ලුහාරා ගයත්මි, තේනුක නවරත්න, නදිල නෙත්විරු, යස්වින් ජයතිලක, යෂේන් රන්දික, විරුල දින්සර

පසු පෙළ වමේ සිට සඳලි වරකාපිටිය, ජූඩ් මලින්, එම්. පී. වික්‍රමසිංහ


අදහස් (0)

පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබන්න ශ්‍රී ලංකාව ආසියානු තරගාවලි දෙකකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.