Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පැසිපන්දු රන් පදක්කම ඇමරිකාවට

පැසිපන්දු රන් පදක්කම ඇමරිකාවට

editorial - 2021 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පැසිපන්දු (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාව අද (7 වැනිදා) සමත් විය. අතිශය තියුණු මුහුණුවරක් ගත් අවසන් මහ තරගයේදී ලකුණු 87-82 ක් ලෙස ප්‍රංශය පරාජය කරමින් ඇමරිකාව එම පදක්කමට හිමිකම් කීවේය.

පළමු කාර්තුවේදී ලකුණු 22-18 ක් ලෙස පෙරමුණගත් ඇමරිකාව, දෙවැනි කාර්තුවේදී තවත් ලකුණු 22 ක් රැස් කීරීමට සමත් විය. දෙවැනි කාර්තුවේදී ලකුණු 21 ක් රැස්කිරීමට ප්‍රංශය සමත් වුවද, ලකුණු 44-39 ක් ලෙස ඇමරිකාවට පෙරමුණ ගෙන දෙමින් තරගයේ පළමු අර්ධය නිමාවට පත්විය.

තෙවැනි කාර්තුව තුළදී ලකුණු 27 ක් රැස්කිරීමට ඇමරිකාව සමත් වෙද්දී, ප්‍රංශයට රැස්කිරීමට හැකි වූයේ ලකුණු 24 ක් පමණි. ඒ අනුව අවසන් කාර්තුව ආරම්භ වන විටද ඇමරිකාව ලකුණු 71-63 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය.

අවසන් කාර්තුවේදී ඇමරිකාව (16) අභිබවා යමින් ලකුණු 19 ක් රැස්කිරීමට ප්‍රංශය සමත් විය. එහෙත් මුල් කාර්තු තුනේ වාසියත් සමග තරගය නිමාවට පත්වන විට ලකුණු 87-82 ක් ලෙස ලකුණු 5 ක් ඉදිරියෙන් සිටීමට ඇමරිකාවට හැකි විය.

පළමු අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 97-78 ක ජයක් වාර්තා කරමින් ඇමරිකාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ප්‍රංශය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ස්ලෝවේනියාවට එරෙහිව ලකුණු 90-89 ක ජයක් වාර්තා කරමිනි.

අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ ඕස්ට්‍රේලියාව සහ ස්ලෝවේනියාව අතර එම ඉසව්වේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැත්වෙන තරගයද අද ‍පැවැත්වීමට නියමිතය.


 

-036


අදහස් (0)

පැසිපන්දු රන් පදක්කම ඇමරිකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.