Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පැසිපන්දු විනිසුරු රනිල් සමුගනී

පැසිපන්දු විනිසුරු රනිල් සමුගනී

editorial - 2021 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ සිටි ජාත්‍යන්තර පැසිපන්දු විනිසුරුවරුන් කිහිප දෙනාගෙන් අයකු වූ රනිල් සුරංග ප්‍රනාන්දු මහතා හදිසේ අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 37 වැනි වියේ පසුවිය.

කුරුණෑගල ශාන්ත ආනා විදුහලේ ආදි සිසුවකු වන රනිල්, තරුණ වියේදීම පැසිපන්දු තරග විනිසුරුවරයකු බවට පත්විය. වැඩි කලක් යෑමට පෙර ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ විනිසුරුවරයකු බවට පත්වීමට තරම් ප්‍රගතියක් ලැබීය.

මෙම සති අන්තයේ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ප්‍රවීණයන්ගේ පැසිපන්දු තරගාවලියට සහභාගී වීමට සූදානම්ව සිටියද බදාදා රාත්‍රියේ හදිසියේම අභාවප්‍රාප්ත විය.

ඔහුගේ දේහය නො. 109, කොළඹ ප්‍රධාන පාර, මීගමුව යන ලිපිනයේ පිහිටි ‘වෙස්ටන් ෆියුනරල් හෝම්’ අවමංගල ශාලාවේ තැන්පත් කර තිබේ. දේහය අද (27) පස්වරු 3.00 ට මීගමුව පොදු සුසාන භූමියේදී භූමදානය කිරීමට නියමිතය.


-036


අදහස් (0)

පැසිපන්දු විනිසුරු රනිල් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.