Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පිලිපීනය ශ්‍රී ලංකාවට පරදී

පිලිපීනය ශ්‍රී ලංකාවට පරදී

editorial - 2024 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉන්දියාවේ බැංගලෝර් නුවරදී  අද (18) ආරම්භවූ 13 වැනි ආසියානු දැල්පන්දු (නෙට්බෝල්) තරගාවලියේ සිය පළමු තරගයෙන් පිලිපීනය ලකුණු 71 - 42 කට පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

කෙසේවූවත්  ශ්‍රී ලංකාවට  මූලික වටයේදී පළමුව  මුණ ගැසුණු  පිලිපීනය තරගාවලියට ප්‍රබල කණ්ඩායමක් නොවන අතර  ඒ නිසාම ශ්‍රී ලංකාව මෙම  තරගයේදී උත්සහ ගත්තේ උපරිම ලකුණු පරතරයකින් එය ජය ගැනීමයි.

අද තරගයේදී වට හතරම පෙරමුණ ගනිමින් ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේය. පසුගිය (2022) තරගාවලියේදී මූලික වටයේදීත්  පිලිපීනය  මුණ ගැසීමේදී ලකුණු 99 -37 ක් ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

දෙපිල  ආසියානු ශූරතා පිටියේදී අද  මුණ ගැසෙනවිට ලෝක දැල්පන්දු  අළුත්ම  ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 23 වැනි ස්ථානයේත් පිලිපීනය  37 වැනි ස්ථානයේත් පසු වූහ.

මෙවර තරගාවලියේදී වඩාත්ම අවධානය දිනා ගත් කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්ව සිටින්නේ ගිය වර (2022) තරගාවලියේ ශූරියන් ලෙස මෙවර තරගාවලියට සහභාගිවී සිටින බැවිණි.

මෙවර ආසියානු දැල්පන්දු  තරගාවලියට සහභාගිවී සිටින රටවල් 14 ක් ඊයේ  ආරම්භවූ මූලික වටයේදී ඒ හා බී පරිදි කාන්ඩ දෙකකට බෙදී ලීග් ක්‍රමයට තරග වදිති.ශ්‍රී ලංකාව එහිදී  ඒ කාන්ඩයෙන් තරග වදියි.

ඒ අනුව අද (19) ශ්‍රී ලංකාව තරගාවලියට නවක කණ්ඩායමක් වන සෞදි  අරාබිය සමග තරග වදියි.වසර 2009 සිට මේ දක්වා පැවැති ආසියානු කුසලාන තරගාවලි පහකදීම පිට පිටම නිත්‍ය පන්දු  විදින්නිය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට සේවය ලබා දුන් ලෝකයේ උසම ක්‍රීඩිකාව ලෙසත් සැළකූ තර්ජනී ෂිවලිංගම් වෙනුවට තිසාලා අල්ගම මෙවර තරගාවලියේදී එහි නිත්‍ය පන්දු විදින්නිය ලෙස කටයුතු කරයි.

බැංගලෝර් ආසියානු කුසලාන තරගාවලියේ  ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස 30 හැවිරිදි දුලංගි වන්නිතිලක කටයුතු කරයි.ගියවර කුසලාන දිනා ගැනීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව  ලෙස කටයුතු  කළ  ගයංජලී අමරවංශ මෙවර තරගාවලියටත් ක්‍රීඩා කරයි.

 

බැංගලෝර්  ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ආසියානු දැල්පන්දු  සම්මේලනයේ සභාපතිනි, ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධානී ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය ඉන්දීය තරග සංවිධායකයන් විසින් උණුසුම් අයුරින් පිළිගත් අයුරු.

වික්ටෝරියා  මහත්මිය ශ්‍රී ලංකා දැල්පන්දු  සම්මේලනයේ හිටපු සභාපතිනියයි.


අදහස් (0)

පිලිපීනය ශ්‍රී ලංකාවට පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.