Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනයේ සභාපතිවරයා මෙන්ම ආසියානු ඔලිම්පික් සමුළුවේ අධ්‍යක්‍ෂකවරයාද වන, කපිතාන් හුසේන් අල් මුසාලම් මහතා ලබන සිකුරාදා දිවයිනට පැමිණෙනු ඇත. ඒ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති, සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ ආරාධනයෙනි.
සිය කෙටි සංචාරයේදී, කපිතාන් හුසේන් අල් මුසාලම් මහතා, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් සහ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන මහත්වරුන් සමග කිලර්-වේල් ජලක්‍රීඩා සංගමයේ නිරීක්‍ෂණ චාරිකාවකටද සහභාගි වීමට නියමිතය. අල් මුසාලම් මහතා එහිදී ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හමුවනු ඇත.
අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනයේ උසස් නිලධාරියකු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු වතාව මෙයයි. ශ්‍රී ලංකාවේ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම පුහුණුකරුවන්ටත් අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනයේ පුහුණු ශිෂ්‍යත්ව ලබාගැනීම ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ අපේක්‍ෂාවකි.
ශ්‍රී ලංකාවේ රැඳී සිටින දින එකහමාරක කාලයේදී ක්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ මහතා හමුවීමේ අපේක්‍ෂාවෙන් සිටින කපිතාන් හුසේන් අල් මුසාලම් මහතා, ලබන ඉරිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.