Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පිහිනුම් ශූරතා දෙකම ධර්මාශෝකයට

පිහිනුම් ශූරතා දෙකම ධර්මාශෝකයට

editorial - 2022 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(බටපොල දීපාල් ද සිල්වා)

ජාතික පාසල් දකුණු පලාත් පිහිනුම් තරගාවලියේ (2022 ) බාලක, බාලිකා අංශ දෙකේදීම ශූරතාව හිමිකර ගනිමින්   සමස්ත තරගාවලියේ ශුරතාවය අම්බලන්ගොඩ ධර්මාශෝක මහා  විද්‍යාලය විශිෂ්ට ජයක් හිමිකරගෙන ඇත.  

මෙම තරගාවලිය සදහා දකුණු පාලතේ පාසල් 38ක් සහභාගි තිබේ. ක්‍රීඩකයන් 283ද ක්‍රීඩිකාවන් 204ද මෙවර පිහිනුම් තරඟය සදහා සහභාවි තිබේ.

ලකුණු 140ක් ලබාගත් බාලක අංශයේ ශූරතාවය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය දිනගත් අතර ලකුණු 89 ලබා ගනිමින් අනු ශූරතාවය  ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට හිමිවිය.
තෙවන ස්ථානය ලකුණු 75ක් ලබාගත් අම්බලන්ගොඩ දේවානන්ද මහා විද්‍යාලය ⁣හිමිකරගෙන ඇත.

බාලිකා අංශයේ  ශූරතාවය ලකුණු 121ලබාගත් අම්බලන්ගොඩ ධර්මාශෝක  විද්‍යාලය දිනාගත්  අතර  අනුශූරතාවය ලකුණු 115ක් ලබාගත් ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය හිමිකර ගත්තේය.  බාලිකා අංශයේ තෙවන ස්ථානය ලකුණු 79ක් ලබාගත් මාතර සුජාතා බාලිකා විද්‍යාලය හිමි කරගෙන ඇත.

මාතර කොටවිල  පිහිනුම් තටාකයෙදි 2022 ජාතික පාසල් දකුණු පලාත් පිහිනුම් තරඟාවලිය අගොස්තු 28, 29 දෙදින පැවැත්වු අතර දකුණු පලාත්  අධ්‍යාපන දේපාර්තමේනතුව තරඟාවලිය සංවිධානය කර ඇත.

ක්‍රීඩා භාර අචාර්ය කේ. ජනක ලාල් (පුහුණුකරු), ක්‍රීඩ භාර ආචාරිනි ඉරේෂා සෙව්වන්දි ,ඩබ්. ටී. නරේන්ද්‍ර (පුහුණුකරු), එම්.එල්. මුතු කුමාරි (පාසල් පුහුණුකාරිය) , අමිත් චතුරංග (සහය පුහුණු කරු) යන පිරිස ශූරතාවය දිනාගත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ  බාලක බාලිකාවන් සමග ඡායාරූපයට එක්ව සිටිය අවස්ථාව.


අදහස් (0)

පිහිනුම් ශූරතා දෙකම ධර්මාශෝකයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.