Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
-------------------
නාමල් පතිරගේ
-------------------
පුරපති කුසලාන අන්තර් සමාජ හොකී තරගාවලිය හෙට (අප්‍රේල් 1 වැනිදා) සිට රීඩ් මාවත කෘත්‍රිම හොකී පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. කොවිඩ් වසංගතයෙන් පසුව දේශීය හොකී ක්‍රීඩාව ආරම්භ කිරීමට දිරි දීමක් ලෙස කොළඹ මහනගර සභාව සංවිධානය කරන මෙම තරගාවලියේ ශූරයන්ට රුපියල් ලක්ෂයක් ප්‍රදානය කෙරේ.
සත්කාරක කොළඹ මහනගර සභා කණ්ඩායම ඇතුළුව දිවයිනේ නමගිය හොකී ක්‍රීඩා සමාජ 12ක් තරගාවලියට ආරාධනා ලබා සිටිති. මෙම තරගාවලියේ විශේෂත්වය වන්නේ වාර්ෂිකව ක්‍රීඩා ඉසව් ගණනාවක් සඳහා තරගාවලි සංවිධානය කරන කොළඹ මහ නගර සභාව හොකී තරගාවලියක් සංවිධානය කරන්නේ පළමු වතාවට වීමය.
කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිණී දිසානායක මහත්මිය පැවසුවේ මෙතැන් පටන් මෙම හොකී තරගාවලිය වාර්ෂිකව සංවිධානය කරන බවයි.
තරගාවලියේ අනුශූරයන්ට රුපියල් 50,000ක්ද හා තෙවැනි ස්ථානයට රුපියල් 30,000ක්ද ප්‍රදානය කෙරේ.
ලීග් ක්‍රමයට පැවැත්වෙන තරගාවලිය අප්‍රේල් 4 වැනිදා දක්වා තරග පැවැත්වේ. අවසන් පූර්ව තරග, තෙවැනි ස්ථානය තේරීමේ තරගය හා අවසන් මහ තරගය අප්‍රේල් 4 වැනිදා පැවැත්වීමට නියමිතය. අප්‍රේල් 1 වැනිදා පෙරවරු 8.00 ට ආදි ඩී.එස්. පිල හා මාතලේ ප්‍රවීනයන්ගේ (මාස්ටර්ස්) පිල අතර තරගයෙන් තරගාවලිය ආරම්භ කෙරේ.
තරගාවලියට සහභාගි වන ක්‍රීඩා සමාජ
කොළඹ මහ නගර සභාව, ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය, බී.ආර්.සී., සී.එච්. සහ එෆ්.සී., මහනුවර, මාතලේ ප්‍රවීනයන්ගේ (මාස්ටර්ස්), ආදි ඩී.එස්. සේනානායක ක්‍රීඩා සමාජය, ආදි නාලන්දා ක්‍රීඩා සමාජය සහ ආදි රාජකීය ක්‍රීඩා සමාජය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.