Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පුහුණුකරුවන්ට ගෙවීම් කිරීම ගැටළුවක්

පුහුණුකරුවන්ට ගෙවීම් කිරීම ගැටළුවක්

නාමල් පතිරගේ - 2019 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ කත්මන්ඩු නුවරදී නිමාවට පත්වූ 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායම්හි සේවය කළ රාජ්‍ය සේවයේ නිරත පුහුණුකරුවන්ට ගෙවීම් ලබාදීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පැන නැතී ඇතැයි වාර්තාවේ.

ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් විශේෂ අනුමැතියක් ලබා ගැනීමට ඔවුන්ට සිදු වන බවත් රාජ්‍ය සේවයේ නිරත වන්නන් එහිම වෙනත් සේවාවක් සඳහා අනුයුක්ත කර තිබෙන අවස්ථාවක ඒ වෙනුවෙන්ම වෙනත් අමතර රජයේ ගෙවීම් ලබාදීමේ හැකියාවක් නැති නිසා එම තත්ත්වය උද්ගතව තිබෙන බවද වැඩිදුරටත් වාර්තාවේ.

ක්‍රීඩා අමාත්‍යාංශ ඇතුළු වෙනත් රාජ්‍ය අමාත්‍යාංශ, රාජ්‍ය දෙපාර්තමේන්තු හා ආයතනයන්හි රේඛීය සේවයේ නිරත ක්‍රීඩා පුහුණුකරුවන්ට මෙම තත්ත්වය ඍජුවම බලපා තිබේ. ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා පැවසුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රාජ්‍ය ආයතන රෙගුලාසි මාලාවට අනුව රජයේ දීමනා දෙකක් එකවර ලබා ගැනීමේ හැකියාවක් නොපැවතීම මෙම ගැටලුවට හේතුව බවයි.

රාජ්‍ය සේවකයන් හෝ නිලධාරියෙක් රාජ්‍ය සේවයේ සිය රාජකාරියෙන් බැහැරව වෙනත් රාජ්‍ය සේවයේ කටයුත්තකට අනුයුක්ත කළොත් ඔහුගේ සේවය ඒකයි. ඒ නිසා ඔහුට ඒ අනුයුක්ත සේවයට විශේෂ ගෙවීම් කිරීමේ හැකියාවක් රෙගුලාසිවලට අනුව නෑ. නමුත් ඔවුන්ට අසාධාරණයක් නොවන ආකාරයට මේ ගැටළුව ලිහන්න අපි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සමග සාකච්ඡා කරනවා.

මේ අතර සාග් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 15ක් දිනා ගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 62 දෙනෙකු වෙනුවෙන් පුහුණුකරුවන් 35 දෙනෙකු ගෙවීම් ඉල්ලා අතැයිද වාර්තා වේ. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට රුපියල් මිලියන 30 ක් පමණ වැයවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කත්මන්ඩු නුවරදී නිමාවට පත්වූ 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සහභාගිත්වය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වැය කර තිබෙන මුදල  දළ වශයෙන් මිලියන 372 කට ආසන්ව වී තිබේ.

ශ්‍රී ලංකාවට මෙවර ඒ සඳහා ක්‍රීඩන ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය ක්‍රීඩා උළෙල ජයගත් ඉන්දියාවද අභිබවා ගියේය. ඉන්දියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාතිත්වය මෙවර 487 කට සීමාවන අතර ශ්‍රී ලංකාවේ එය 564 ක් විය. ඒ අතර ජාතික ඔලිම්පික් කමිටුව  පවසන්නේ ක්‍රීඩා උළෙලේ සහභාගිත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකරුවන් ඇතුළුව සෙසු අවශේෂ නිලධාරින් වෙනුවෙන් අවසරපත් 800 කට වැඩි ප්‍රමාණයක් ලබා ගත් බවයි.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩා උළෙලේදී අපේක්‍ෂිත රන් පදක්කම් ගණන ඉක්මවා යමින් රන් පදක්කම් 40 ක් දිනාගත්තේ 1991 පැවති ක්‍රීඩා උලළෙන් පසුව දිනාගත් වැඩිම රන් පදක්කම් ගණන සතුකර ගනිමිනි.

 


අදහස් (0)

පුහුණුකරුවන්ට ගෙවීම් කිරීම ගැටළුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.