Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රි ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතා සමග තරගාවලියට සහභාගීවීමට යන ශ්‍රී ලංකා චෙස් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළේදී ඡායාරූපයකට මුහුණදුන් අයුරු. වමේ සිට ( සන්දුලා දහම්දි, රනිදු දිල්ෂාන්, ලක්ෂ්මන් විජේසුරිය මහතා, චාන්දනී කොඩිකාර මහත්මිය, පසිදි විජේසුරිය සහ ජනන්දනී අබේසිංහ
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
බංග්ලාදේශයේ ඩකා නුවර දී පැවැත්වෙන බංගා බන්දු කුසලාන ආසියානු කලාපීය චෙස් තරගාවලියට සහභාගී වන ශ්‍රි ලංකා චෙස් කණ්ඩායම අද (2) අලුයම බංග්ලාදේශය බලා පිටත්ව ගියේය. චෙස් ක්‍රීඩකයෙක්, ක්‍රීඩිකාවන් තිදෙනෙක් සහ කළමණාකාරිණියක් ඇතුලු පස් දෙනෙක් මේ කණ්ඩායමට ඇතුළත්වූහ.
රනිදු දිල්ෂාන් ලියනගේ, ජනන්දනි අබේසිංහ, පසිදි විජේසූරිය සහ සන්දුලා දහම්දි මේ කණ්ඩායමට ඇතුළත්වු චෙස් ක්‍රීඩක ක්‍රිඩිකාවෝ වෙති. චාන්දනී කොඩිකාර මහත්මිය කණ්ඩායමේ කළමණාකාරිය ලෙස කටයුතු කරන්නීය.
සියානු කලාපයට අයත් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, පකිස්ථානය, භූතානය මාලදිවයින ඇතුලු රටවල් හයක චෙස් ක්‍රීඩක ක්‍රිඩිකාවෝ මේ තරගාවලියට සහභාගිවෙති. තරගාවලිය හෙට (3) සිට මැයි 10 දක්වා බංග්ලාදේශයේ ඩකා අගනුවරදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.