Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
රාජකීය තුරඟ තරග සමාජය මෙම වසර (2022) සඳහා සංවිධානය කරන තුරඟ තරග මාලාවේ පළමු අදියර ලෙස පැවැති ‘ස්ප්‍රිං ඇන්ඩ් සමර්’ කුසලාන තරගාවලියේ ප්‍රධානතම තරගය වූ ආචාර්ය රෂීඩ් ආර්. බයිරාම්ජි අනුස්මරණ කුසලාන තරගය ජය ගැනීමට අසරු විවේක් විසින් මෙහෙයවන ලද අනදර් ඒස් අසු සමත් විය. අනදර් ඒස් යනු හසංග ජයරත්න මහතා හිමිකාරීත්වය දරන තුරඟෙකි.
තරග 5 කින් සමන්විත වූ මෙම තරගාවලියේදී තරග දෙකක ජය තමන් සතු කර ගැනීමට තුරඟ තරග බිමට නවකයන් වූ එම්.ජී.එම්.ආර්. ක්‍රෙඩිට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම සමත් විය. ඒ බ්ලැක්පූල් හෝටල් කුසලාන තරගය සහ ඇල්ෆයින් හෝටල් කුසලාන තරගය ජයගනිමිනි. කේ. සංජීවන් අසරුවා විසින් මෙහෙයවන ලද හොනෝරියස් සහ ටස්කැනෝ යන අසුන් පිළිවෙලින් එම තරග ද්විත්වය ජයගත්හ.
මීටර් 1600 ක දුරකින් සමන්විත වූ ආචාර්ය රෂීඩ් ආර්. බයිරාම්ජි අනුස්මරණ කුසලාන තරගයට තුරඟුන් 7 දෙනකු සහභාගි වීමට නියමිතව තිබුණද, අවසන් මොහොතේදී ප්‍රබල තුරඟුන් දෙදෙනකු වන අල්කසබා සහ වෙස්ටන් වින්ඩ් වෛද්‍ය උපදෙස් මත තරගයෙන් ඉවත්කර ගැනීමට ඔවුන්ගේ හිමිකරුවෝ කටයුතු කළහ.
ඒ අනුව එම තරගයේ ජයග්‍රහණය සෙසු තුරඟුන්ට විවෘත වූ අතර එම්.ජී.එම්.ආර්. ක්‍රෙඩිඩ් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමට සහ කේ. සංජීවන් අසරුවාට ජයග්‍රහණ ත්‍රිත්වයක් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමිකරමින් ඉන් විශිෂ්ඨ ජයක් ලැබීමට විවේක් අසරුවා විසින් මෙහෙයවන ලද අනදර් ඒස් අසු සමත් විය. වී. වෝගරාජ් අසරුවා විසින් මෙහෙයවන ලද මෙහෙරාන් අදු එහි තෙවැනි ස්ථානයට පත් විය.
තරගාවලියේ සෙසු තරග දෙක වූ තානාපති කුසලාන තරගය සහ විජය පුවත්පත් සමාගම් කුසලාන තරගය ජයගැනීමට පිළිවෙලින් අසරු කේ. අනීල් විසින් මෙහෙයවන ලද ක්‍රාබි අසුද, ටී. පවිත්‍රන් අසරුවා විසින් මෙහෙයවන ලද විගරස් අසුද සමත් වූහ. තරගාවලියේ ප්‍රධාන ආරාධියා ලෙස ආචාර්ය රෂීඩ් ආර්. බයිරාම්ජි මහතාගේ පුත් දරායස් බයිරාම්ජී මහතා සහභාගි විය.
මෙම තරගාවලියෙන් පසුව අප්‍රේල් මස 3 වැනිදා මැජික් මිලියන් කුසලාන තරගාවලියද, අප්‍රේල් මස 15 වැනිදා ආණ්ඩුකාර කුසලාන තරගාවලියද, අප්‍රේල් මස 23 වැනිදා යුද හමුදාපති කුසලාන තරගාවලියද පැවැත්වීමට රාජකීය තුරඟ තරග සමාජය සූදානමින් සිටියි.
තරග ප්‍රතිඵල
තානාපති කුසලාන තරගය (මීටර් 1070)
1. ක්‍රාබි - කේ. අනීල් - දීප්තිකා ජයකොඩි මෙනවිය
2. ටොපිඩෝ - රවී කුමාර් - පද්මකුමාර රණසිංහ සහ ප්‍රියන්ත කුමාර රණසිංහ මහත්වරු
3. ගෝ ග්‍රීන් - එස්. සංජීවන් - රම්සිස් පීටර් ප්‍රනාන්දු මහතා
බ්ලැක්පූල් හෝටල් කුසලාන තරගය (මීටර් 1070)
1. හොනෝරියස් - කේ. සංජීවන් - එම්.ජී.එම්.ආර්. ක්‍රෙඩිඩ් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස්
2. කොස්මික් ෆීලිං - කේ. අනීල් - එඩ්වඩ්ස් අශ්වගාල
3. ගෝඩ්ස්වර්ඩ් - නසෙරුල් අලාම් - සුරංජි ජයකොඩි මහතා
ආචාර්ය රෂීඩ් ආර්. බයිරාම්ජි අනුස්මරණ කුසලාන තරගය (මීටර් 1600)
1. අනදර් ඒස් - විවේක් - හසංග ජයරත්න මහතා
2. ස්පිරිටඩ් ටච් - කේ. සංජීවන් - එම්.ජී.එම්.ආර්. ක්‍රෙඩිඩ් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස්
3. මෙහෙරාන් - වී. වෝගරාජ් - හසංග ජයරත්න මහතා
ඇල්ෆයින් හෝටල් කුසලාන තරගය (මීටර් 1400)
1. ටස්කැනෝ - කේ. සංජවන් - එම්.ජී.එම්.ආර්. ක්‍රෙඩිඩ් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස්
2. ස්ටෝමොන්ට් - කේ. අනීල් - දීප්තිකා ජයකොඩි මෙනවිය
3. ක්‍රැක් ඔෆ් ඩෝන් - පී. දනීෂ් - සුරංජි ජයකොඩි මහතා
විජය පුවත්පත් සමාගම් කුසලාන තරගය (මීටර් 1400)
1. විගරස් - ටී. පවිත්‍රන් - අජන්ත ද සොයිසා මහතා
2. කාල්ටන් - වී. යෝගරාජ් - අනීටා දොරයි මහත්මිය
3. පර්ල් නෙක්ලස් - විවේක් - නිෂාරා ජයරත්න මහත්මිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.