Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින මේසපන්දු කණ්ඩායමේ පැවැති ජාතික මේසපන්දු තරගාවලියේදී පරාජයට පත්වීම තරගාවලිය පුරා කැපී පෙනෙන සිදුවීමක් විය.
තරගාවලියේ ප්‍රධානම ඉසව්ව වන විවෘත පිරිමි කේවල ඉසව්ව සඳහා පොදු රඳ මඬුලු මේස පන්දු කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් සිවුදෙනාම සහභාගි වී ඇති නමුත් එම ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා හෝ ඔවුන්ගෙන් කිසිවකුත් සමත් වී නැත.
පොදු රාජ්‍යය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම තෝරාගැනීම සඳහා පැවැති තේරීම් තරගාවලියට සහභාගී නොවුනද, කණ්ඩායමේ අංක එකේ ක්‍රීඩකයා ලෙස නම් කරනු ලැබ සිටින සුපුන වරුසවිතාන, මෙවර ජාතික තරගාවලියේදී පෙර අර්ධ අවසන් පූර්ව වටයෙන්ම (අවසන් 16 දෙනාගේ වටයෙන්) ඉවතට විසි විය.
තේරීම් තරගාවලියේදී වැඩිම දස්කම් දක්වමින් පොදු රාජ්‍යය මණ්ඩලීය මේසපන්දු කණ්ඩායමට ඇතුළත් වූ ක්‍රීඩකයන් අතරින් ජාතික තරගාවලියේදී කැපී පෙනෙන යමක් කිරීමට සමත් වූයේ චමීර ගිණිගේ පමණි. ඔහු පිරිමි කේවල ඉසව්වේ අවසන් පූර්ව වටය දක්වා පැමිණි අතර හිටපු ජාතික ශූරියක වන ඉෂාරා මධුරංගි සමග එක්ව මිශ්‍ර යුගල ශූරතාව දිනාගත්තේය.
තේරීම් තරගාවලියේදී ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩකයා වූ ක්‍රිෂාන් වික්‍රමරත්න මෙන්ම පොදු රද මඬුලු මේසපන්දු කණ්ඩායමට ඇතුළත්ව සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන මිලින්ද ලක්ෂිත මෙවර ජාතික තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදීම ළාබාල ක්‍රීඩකයන් හමුවේ පරාජයට පත්වූහ.
මෙය 2021 වසරට නියමිත ජාතික මේසපන්දු තරගාවලිය වූ අතර එහි ශූරයා බවට පත්වූයේ නිමේෂ් රංචාගොඩය. කෙසේ වුවත් තේරීම් තරගාවලියේදී දස්කම් දැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුට පොදු රඳ මඬුලු කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීය.
අවසන් වරට පැවැති 2020 වසරේ ජාතික මේසපන්දු තරගාවලියේ ශූරයා බවට පත්වූ ලාබාල ක්‍රීඩක සෙනුර සිල්වා පොදු රඳ මඬුලු මේසපන්දු කණ්ඩායම තේරීමේදී දැඩි අසාධාරණයකට ලක්වූ බවට බලධාරීන්ට චෝදනා එල්ලවිය. ඒ ඔහු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමින් සිටියදී අදාල තේරීම් තරගාවලිය පැවැත්වීමට බලධාරීන් කටයුතු කිරීම හේතුවෙනි.
එහිදී සෙනුර වෙනුවන් සාධාරණක් ඉෂ්ඨ කරන ලෙස ඔහුගේ දෙමව්පියන් වන හිටපු ජාතික ශූර ඉන්දික ප්‍රසාද් මහතා සහ ජාතික ශූරී දීපිකා රොද්‍රිගූ මහත්මිය මේසපන්දු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළද, ඊට සාර්ථක පිළිතුරක් නොලැබිණ. මේ වන විට සෙනුර සිය දස්කම් වැඩි දියුණු කරගැනීම සඳහා සිය පෞද්ගලික වියදමින් ඇමරිකාවේ නේවාසික පුහුණු කඳවුරකට සහභාගි වෙමින් සිටියි.
ශ්‍රී ලංකාව සහභාගි වන බහු ක්‍රීඩා උළෙල අතින් ගත් කළ ඔලිම්පික් තරගාවලියට පමණක් දෙවැනි වන තරගාවලියක් ලෙස පොදු රාජ්‍යය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හැඳින්විය හැකිය. එවැනි තරගාවලියක් සඳහා ඕනෑම ක්‍රීඩාවකින් සහභාගි කරවිය යුත්තේ අදාල තරගාවලිය පැවැත්වන කාලවකවානුව තුළ දස්කම් අතින් ඉහළින්ම සිටිනා තරගකරුවන් බව ක්‍රීඩා ප්‍රවීණයන්ගේ අදහසයි.
එවැනි වාතාවරණයකදී දස්කම් අතර සිටින ක්‍රීඩකයන් කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීම කණගාටුවට කරුණක් බව ඔවුන්ගේ අදහසය. එය ජව සම්පන්න අශ්වයන් සිටියදී ආබාධිත අශ්වයන් තරගවලට සහභාගි කිරීමක් වැනි යැයිද ප්‍රවීණයෝ පෙන්වා දෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.