Last Update  :  2025-01-27 20:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බාලිකා කරාතේ ශූරතා කරන්දෙණිය මැදි විදුහලට

බාලිකා කරාතේ ශූරතා කරන්දෙණිය මැදි විදුහලට

editorial - 2024 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

සමස්ත ලංකා පාසල් බාලක, බාලිකා කරාතේ ශූරතාවලියේ සමස්ත බාලිකා ශූරතා කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය දිනා ගත්තේය. අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ අතර මෙම තරගාවලිය කිලිනොච්චිය ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්විණි.

සමස්ත ලංකා පාසල් කරාතේ ශූරතාවලියකදී කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය මෙන්ම දකුණු පළාතේ පාසලක් විසින් සමස්ත බාලිකා කරාතේ ශූරතාවක් දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.

 දකුණු පළාත් පාසල් බාලක, බාලිකා කරාතේ ශූරතාවලියේදී මේ වසරද ඇතුළත්ව වසර කිහිපයක්ම දකුණු පළාත් පාසල් සමස්ත බාලිකා ශූරතාව කරන්දෙණිය මධ්‍ය විදයාලය විසින් දිනා ගන්නා ලදි.

 මේ වසරේදී දකුණු පළත් කරාතේ සමස්ත බාලිකා ශූරතාව දිනූ කරන්දෙණිය මධ්‍ය විදයාලය සමස්ත ලංකා පාසල් තරගාවලියට සුදුසුකම් ලබා එහි බාලිකා සමස්ත ශූරතාව දිනාගැනීම විශේෂයෙන්ම කැපීපෙනේ.

සමස්ත ලංකා බාලිකා කරාතේ ශූරතාවලියේදී බාලිකා කණ්ඩායම් කුමිතේ අංශයේ ශූරතාවත් වයස 16 න් පහළ, 18න් පහළ සහ 20න් පහළ බාලිකා කුමිතේ ඉසව් තුනේම අනු ශූරතාවත් හිමිකරගත් කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයට ශූරතාවලියේ සමස්ත බාලිකා ශූරතාව හිමිවිය.

කරාතේ ක්‍රීඩාවෙන් මෙසේ සමස්ත ලංකා පාසල් ශූරතාවක් කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයට දිනා හැනීමට හැකියාව ලැබී ඇත්තේ විදුහල්පති දිලිප් කුමාර, කරාතේ ක්‍රීඩාව භාර ආචාරිනී සිතුනි ගුණවර්ධන, සහාය කරාතේ භාර ආචාරිණී දිලිකි දිනූමා, ප්‍රධාන කරාතේ උපදේශක අජිත් ගුණවංශ, සහාය පුහුණුකරු දේවින්ද සදරුවන් යන මහත්ම, මහත්මීන්ගේ දැඩි කැපවීම සහ මග පෙන්වීමෙනි.

 


අදහස් (0)

බාලිකා කරාතේ ශූරතා කරන්දෙණිය මැදි විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.