Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ හොකී (පිරිමි) අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට බෙල්ජියම සහ ඕස්ට්‍රේලියාව අද (3 වැනිදා) සමත් විය. රන් සහ රිදී පදක්කම් වෙනුවෙන් දෙරට අතර අවසන් මහ තරගය අනිද්දා (5 වැනිදා) පැවැත්වීමට නියමිතය.
අද පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවට එරෙහිව ගෝල 5-2 ක ජයක් වාර්තා කරමින් බෙල්ජියම අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. ඕස්ට්‍රේලියාව ඊට සුදුසුකම් ලැබූවේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ගෝල 3-1 ක් ලෙස ජර්මනිය පරාජය කරමිනි.
අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ ඉන්දියාව සහ ජර්මනිය එම ඉසව්වේ ලෝකඩ පදක්කම් වෙනුවෙන් තරගය වදින අතර එම තරගයද අනිද්දා (5 වැනිදා) පැවැත්වෙනු ඇත.
අර්ධ අවසන් පූර්ව වටයේදී ගෝල 3-1 කින් බ්‍රිතාන්‍යය පරාජය කරමින් ඉන්දියාවද, ගෝල 3-1 කින් ස්පාඤ්ඤය පරාජය කරමින් බෙල්ජියමද අවසන් පූර්ව වටයට පිිවිසියහ. ගෝල 3-1 කින් ආර්ජන්ටිනාව පරාජය කරමින් ජර්මනියද අවසන් පූර්ව වටයට පිවිසි අතර ඕස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට පිවිසියේ අර්ධ අවසන් පූර්ව වටයේදී දඬුවම් පහර 3-0 ක් ලෙස නෙදර්ලන්තය පරාජය කරමිනි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.