Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බෙලින්ඩාට ‍පදක්කම් දෙකක්

බෙලින්ඩාට ‍පදක්කම් දෙකක්

editorial - 2021 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙ‍‍ලේ කාන්තා කේවල ටෙනිස් රන් පදක්කම දිනාගැනිමට ස්විට්සර්ලන්තයේ බෙලින්ඩා බෙන්සික් සමත් වූවාය. අවසන් මහ තරගයේදී චෙක් ජනරජයේ මාර්කේටා වොන්ඩර්සෝවාට එරෙහිව තරග වට 2-1 ක ජයක් වාර්තා කරමින් බෙලින්ඩා රන් පදක්කමට හිමිකම් කීවාය.

 ඉතා තියුණු මුහුණුවරක් ගත් පළමු වටයේදී ලකුණු 7/5 ක් ලෙස වොන්ඩර්සෝවා පරාජය කිරීමට බෙලින්ඩා සමත් වුවද, දෙවැනි වටය ලකුණු 6/2 ක් ලෙස ජය ගැනීමට වොන්ඩර්සෝවා සමත් වීමත් සමග තරගය වට 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්විය.

දෙදෙනාටම තීරණාත්මක වූ අවසන් වටයේදී ලකුණු 6/3 ක ජයක් ලැබූ බෙලින්ඩා, වට 2-1 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තාය. අවසන් තරගය පරාජයට පත්වීමත් සමග වොන්ඩර්සෝවාට රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදු වූවාය.

 අවසන් පූර්ව වටයේදී බෙලින්ඩා හමුවේ පරාජයට පත්වූ කසකස්තානයේ එලීනා රයිබැකිනා සහ වොන්ඩර්සෝවා හමුවේ පරාජයට පත්වූ යුක්රේනයේ එලීනා ස්විටෝලිනා අතර ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති තරගය වට 2-1 ක් ලෙස ජය ගැනීමට ස්විටෝලිනා සමත් වූවාය.

කේවල රන් පදක්කම දිනාගැනීමට බෙලින්ඩා සමත් වුවද, කාන්තා යුගල ඉසව්වේ අවසන් මහ තරගයේදී පරාජය වීම හේතුවෙන් ඇයට සහ ඇගේ සහයක ක්‍රීඩිකාව වූ වි‍ක්ටෝරිජා ගොලුබික්ට එහි රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවූහ.

යුගල අවසන් මහ තරගයේදී බෙලින්ඩාට සහ වි‍ක්ටෝරිජාට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කළ චෙක් ජනරජයේ කැත්‍රිනා ‍සිනියකෝවා සහ බාබොරා කෙජිසිකෝවා එම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කියූහ.


-036


අදහස් (0)

බෙලින්ඩාට ‍පදක්කම් දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.