Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
බේස්බෝල් - 5 ලෝක තාක්ෂණික කමිටුවේ සභික මණ්ඩලයට දැනට ජපානයේ වෙසෙන එකම විදේශීය ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරු වරයා වන සුජීව විජේනායක මහතා ලෝක බේස්බෝල් සංගමය විසින් පත් කර තිබේ.ඔහු මේ වන විට ජපානයේ බේස්බෝල් - 5 ක්‍රීඩාවේ නියෝජ්‍ය තාක්ෂණික අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කරයි.
මේ දක්වා සුජීව ලෝක බේස්බෝල් සංගමයේ නිර්දේශයෙන් ලෝක ශූරතා හා ආසියානු ශූරතා බේස්බෝල් තරගාවලි රැසක ඉහළම තනතුරු දැරූ ශ්‍රී ලාංකිකයෙකි.ටෝකියෝ ඔලිම්පික් 2022) උළෙලේදී ඔහු එහි බේස්බෝල් හා මෘදු බෝල ඉසව්වේ නියෝජ්‍ය තාක්ෂණික අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කළේය.
බේස්බෝල් ක්‍රීඩාවේ වත්මන් ආකෘතිය එලෙසම පවතිද්දි කණ්ඩායමකට අවම ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් පිරිසක් පමණක් සහභාගි කර ගනිමින් කෙටි කාලයක් තුළදී තරගයක් පවත්වා අවසන් කිරීම සදහා ලෝක සංගමයේ නිර්දේශයෙන් බේස්බෝල් - 5 නව ඉසව්ව හදුන්වාදී තිබේ.
එහිදී තාක්ෂණික කමිටුවට එම ඉසව්ව ලොව පුරා හදුන්වාදීමේදී තාක්ෂණික කටයුතු මෙහෙයවීම හා උපදෙස් ලබා දීම පැවැරී තිබේ.
ඒ පිළිබඳව සුජීව පැවැසුවේ මෙම කමිටුව සදහා ආසියානු රටවලින් පත්ව සිටින්නේද තමා ඇතුළු තිදෙනකු පමණක් බවයි.බේස්බෝල් ක්‍රීඩාවෙන් මේ වන විට අංක එකේ පසුවන ජපානය වැනි රටකින් ඒ සදහා තමන් යෝජනා කිරීම ගැන ශ්‍රී ලාංකිකයෙකු ලෙස සැබෑ ලෙසම ආඩම්බර වන බවත් ඔහු එහිදී පැවැසීය.
සුජීව කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවෙකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.